නව රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 3ක් ඉක්මනින්ම

(සුජිත් මංගල ද සිල්වා) වයඹ,සබරගමුව සහා කටුබැද්ද විශ්ව විද්‍යාලවලට අනුයුක්තව ආරම්භ කිරීමට නියමිත නව රාජ්‍ය වෛද්‍ය විද්‍යාල තුනේ වැඩ කටයුතු කඩිනම් කිරීමට රජය සියලු කටයුතු යොදා තිබේ. ඒ වැඩ කටයුතු…
(සුජිත් මංගල ද සිල්වා)
වයඹ,සබරගමුව සහා කටුබැද්ද විශ්ව විද්‍යාලවලට අනුයුක්තව ආරම්භ කිරීමට නියමිත නව රාජ්‍ය වෛද්‍ය විද්‍යාල තුනේ වැඩ කටයුතු කඩිනම් කිරීමට රජය සියලු කටයුතු යොදා තිබේ.
ඒ වැඩ කටයුතු වෙනුවෙන් කෝටි 500ක් මේ වන විටත් යොදවා ඇතැයි සභා නායක සහ උසස් අද්යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
දැන්වීම
සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ විශ්ව විද්‍යාලවල තිබෙන ගැටලු සහ අඩුපාඩු ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකට අවස්ථාව ලබාදීම සහ වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම සුදුසුකම් සම්බධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් සමග අරලිය ගහ මැදුරේ පැවැත් වූ සාකච්ඡාවේදීය
එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
“ලෝකයේ කිසිම රටක රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් විතරක් අධ්‍යාපන අවශ්‍යතා සපුරන්න හැකියාවක් නැහැ. ලොව පුරා පෞද්ගලික සරසවි අධ්‍යාපනය පැතිර ගොස් තිබෙන්නේ ඒ නිසයි. අපේ නිදහස් අධ්‍යාපනය උපරිමව රැක ගනිමින් දියුණු කරන අතර ඊට සම්බන්ධ වීමට නොහැකි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෞද්ගලික අධ්‍යාපනය හරහා ඉඩකඩ ලබා දීම සියලු ආණ්ඩුවල ප්රතිපත්තියයි .භෞතික දියුණුව ආණ්ඩුව ඇති කරනවා. අපේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය වැඩි දියුණු කර ලොව හොදම විශ්ව විද්‍යාල අතරට පත් කිරීම උප කුලපතිවරුන්ගේ වගකීමක්”