අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව පළාත් පාලන ආයතන මාර්තුවේ ස්ථාපිත කෙරේ..!

නව පළාත් පාලන ආයතන මාර්තුවේ ස්ථාපිත කෙරේ..!

නව පළාත් පාලන ආයතන මාර්තුවේ ස්ථාපිත කෙරේ..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (16) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කථානායක කරු ජයසුරිය මහතා හමුවී…

නව පළාත් පාලන ආයතන මාර්තුවේ ස්ථාපිත කෙරේ..!

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (16) පෙරවරුවේ  පාර්ලිමේන්තුවේ දී කථානායක කරු ජයසුරිය මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

කථානායක කරු ජයසුරිය මහතා  විසින් මහින්ද දේශප්‍රිය මහතා  සුහඳව පිළි ගනු ලැබූ  අතර, නිදහස් සහ  සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උපරිමයෙන් කැපවී කටයුතු කළ මැතිවරණ කොමිසන්  සභාවට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවට ඇතුළු ඒ සමඟ ඒකාබද්ධව කටයුතු කළ සියලු රාජ්‍ය නිළධාරීන්ටද ස්තූතිය ද පිරිනැමීය.

දැන්වීම

සිය කාර්ය භාරය කුමක්ද යන්න  අවබෝධයෙන් යුතුව සෑම විටම ශක්තිය ලබාදීම පිළිබඳව කතානායකවරයාට  ස්තූතිය පළ කළ මහින්ද දේශප්‍රිය මහතා පැවසූවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ  ක්‍රියාවලියේ දී ප්‍රාදේශීය වශයෙන් මැතිවරණ ප්‍රතිඵල අදාළ  ප්‍රදේශවලට නිකුත් කළ නමුත්, මාධ්‍ය මඟින්  නිල ප්‍රතිඵල නිකුත්  කිරිමේ දී පරිගණක පද්ධතියේ දෝශ නිසා ඇති වූ  ප්‍රමාදයන් පිළිබඳව කණගාටු වන බවය.

කරු ජයසුරිය මහතා  මෙහිදී  සඳහන් කළේ   නව මැතිවරණ ක්‍රමයේ පළමු අත්හදා බැලීම මේ පළාත් පාලන මැතිවරණය  වන  බැවින්, සුළු සුළු ප්‍රමාදයන් සිදු වුවත්, සමස්ථ ක්‍රියාවලියට හෝ නිදහස් සහ  සාධාරණ මැතිවරණයකට ඒ කිසිවක්  බාධාවක් නොවූ බවය.

මෙහිදී විශේෂයෙන්ම 25% කාන්තා නියෝජනය තහවුරු කිරිමේදී මතුව  ඇති ප්‍රයෝගික ගැටලු කිහිපයක් පෙන්වා දුන් අතර, අවශ්‍යතාවයක් ඇති වුවහොත්, ඇතැම් සභාවන්වල කාන්තා නියෝජනය  25 %  සීමාව පිළිබඳව යම් සංශෝධනයක් කිරිමට සිදුවන බවද මහින්ද දේශප්‍රිය මහතා  සඳහන් කළේය.

එළඹෙන  සතියේ  දී පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙම කරුණු වාර්තා කරන ලෙසද, ඒ මෙන්ම, මැතිවරණ ක්‍රියාවලියේ දී ඇති වන අඩුපාඩු අවම කර ගැනීමට අදාළ මැතිවරණ කොමිසන් සභාවේ වාර්තාවක්ද  එදින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කරන ලෙසද, කතානායක කරු ජයසුරිය මහතා  දැන්විය.

නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන දිනය පිළිඳබදව කතානායකවරයා  විමසා සිටි  අතර, මාර්තු මාසය ඇතුළත නව ආයතන ස්ථාපිත වනු ඇති බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එමෙන්ම මිට අදාළව සිදු විය යුතු සංශෝධන පිළිබදව ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර  අනාගතයේ මැතිවරණ සඳහා විද්‍යුත්  ක්‍රමයක් යොදා ගැනීම පිළිබඳ ක්‍රියාවලිය අධ්‍යයනය කරන ලෙසද  මෙහිදී කරු ජයසුරිය මහතා  ඉල්ලා සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව පළාත් පාලන ආයතන මාර්තුවේ ස්ථාපිත කෙරේ..! | Lanka Newsweek