අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්ව විද්‍යාල පද්ධතිය සූදානම් කරනවා

නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්ව විද්‍යාල පද්ධතිය සූදානම් කරනවා

වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරමින් එහි ප්‍රමුඛයා වන්න ජනපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ට කියයි කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින්…

වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරමින් එහි ප්‍රමුඛයා වන්න 

ජනපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ට කියයි

කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටින මේ මොහොතේ ඒ සමඟ ඉදිරියට යාමට කොළඹ විශ්වවිද්‍යාලය විසින් වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහාය ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිකුරාදා (12) කොළඹ ගලධාරි හෝටලයේ පැවැති කොළඹ විශ්ව විද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අමතමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට වසර 40ක් සම්පූර්ණ වීමට සමගාමීව පිනකල් සම්මාන උළෙලක් ද මෙහිදී සංවිධානය කර තිබූ අතර රටට, සමාජයට සහ කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ආදි විද්‍යාර්ථයින් ඇඟයීම සඳහා පිරිනැමෙන එම පළමු සම්මානයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිදුම් ලැබීය.

දැන්වීම

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල්. පීරිස්, මහාචාර්ය දේශමාන්‍ය ජේ.බී. දිසානායක, තිලක් කරුණාරත්න යන මහත්වරු ඇතුළු 11 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි කඩිනමි විසඳුම් සොයා බලන ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.

වසර 10 ක මෙම සංවර්ධන සැලැස්ම කඩිනමින් සැකසීමට කැප වන්නැයි ආදි විද්‍යාර්ථයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොවුණහොත් එම සුවිශේෂි ක්‍රියාදාමයට දායකවීමේ අවස්ථාව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගිලිහී යන බව ද කියා සිටියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ජේ.එම්.එස්. බණ්ඩාර යන මහත්වරු ඇතුළු සාමාජිකයන් මීට එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්ව විද්‍යාල පද්ධතිය සූදානම් කරනවා | Lanka Newsweek