අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම හෙට

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම හෙට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම අඟහරුවාදා(26) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම අඟහරුවාදා(26) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත් අතර ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ 15 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් තාවකාලිකව පත් කිරීමට ජනපතිවරයා පියවර ගනු ලැබුවේය.

අඟහරුවාදා(26) දිනයේදී නව අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිත අතර නව ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙයයි.

අඟහරුවාදා(26) රාත්‍රියේදී මෙම කැබිනට් රැස්වීම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම හෙට | Lanka Newsweek