අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි..!

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි..!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෙට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ තීරණය ගනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා  ලෙස මෙට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ තීරණය ගනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද හවස හමු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමේදීය.

වහාම ක්‍රියාත්මක වන පරිදි සම්මුතිවාදී යහපාලනය  රජයෙන් ඉවත්වීමට එහිදී තීරණය කළ ජනාධිපති මෛත්‍රීපාල මහතා ප්‍රමුක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මන්ත්‍රී කණ්ඩායම ඒ බවකතානායක කරු ජයසූරිය මහතාට  නිල වශයෙන් ලිඛිතව  දැනුම් දී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දුරයට පත්වීම සඳහා අවශ්‍ය බහුතර බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  සතුව තිබෙන බවද එම පක්ෂය  කතානායක කරු ජයසූරිය මහතා වෙත තහවුරු කර තිබුණු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා විසින්  නව අග්‍රාමාත්‍යවරයා ලෙස  පත් කරනු ලැබුවේ ඒ අනුව.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි..! | Lanka Newsweek