අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව අගමැතිට සහය දෙන්න ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් කොන්දේසි..!

නව අගමැතිට සහය දෙන්න ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් කොන්දේසි..!

ආර් සම්බන්ධන් ඇතුළු පිරිසක් හදිසියේම ඉන්දියාවට..! මහින්ද රාජපක්ෂ-ආර් සම්බන්ධන් විශේෂ හමුවක්..! (සුජිත් මංගල ද සිල්වා) නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර් සම්බන්ධන් මහතා…

ආර් සම්බන්ධන් ඇතුළු පිරිසක් හදිසියේම ඉන්දියාවට..!

මහින්ද රාජපක්ෂ-ආර් සම්බන්ධන් විශේෂ හමුවක්..!

(සුජිත් මංගල ද සිල්වා)

 

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර් සම්බන්ධන් මහතා අතර විශේෂ හමුවක් මීට සුළු මොහොතකට පෙර කොළඹ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්විණ.

එහිදී පාර්ලිමේන්තුව වහාම කැඳවීමට ක්‍රියා කරන්න යැයි ආර් සම්බන්ධන් මහතා,මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති අතර තමාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය ලබා දෙන්න යැයි මහින්ද රාජපක්ෂ මහතා ආර් සම්බන්ධන් මහතාගෙන් ඉල්ලා තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කිරීම ඇතුළු කොන්දීසිවලට එකඟව ඒ බව ලිඛිතව දැනුම් දෙනවා නම් සිය පක්ෂයේ සහයෝගය ලබා දිය හැකි බව ආර් සම්බන්ධන් මහතා එහිදී මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.

රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් තව දුරටත් කරුණු සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම  සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම ආර් සම්බන්ධනන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) යළිත් රැස්වීමට නියමිතය.

ඊට අමතරව විපක්ෂ නායක සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු කණ්ඩායමක් අද (30) රාත්‍රියේ ඉන්දියාව බලා යාමට ද නියමිතය.

ආර් සම්බන්ධන් මහතා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග  එහිදී තව දුරටත් සාකච්ඡා කරනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව අගමැතිට සහය දෙන්න ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් කොන්දේසි..! | Lanka Newsweek