නව අගමැතිට ආරාධනාවක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට පැමිණෙන්නැයි ආරාධනාකර තිබේ. එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි…
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට පැමිණෙන්නැයි ආරාධනාකර තිබේ.
එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙලෙස ආරාධනා කළ බවයි.
එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වන්නේ ලබන 8 වන දා ය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාදාමය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත අතර පාක්ෂිකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් ද දැනුවත් කෙරෙනු ඇති.
තවද එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ද ඉදිරිපත් කිරීමට නියමිත බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1