අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව අගමැතිකමට එජාප ප්‍රබලයින් තිදෙනෙකුට ජනපතිගෙන් ආරාධනා..!

නව අගමැතිකමට එජාප ප්‍රබලයින් තිදෙනෙකුට ජනපතිගෙන් ආරාධනා..!

(සුජිත් මංගල ද සිල්වා) නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් තිදෙනෙකු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයට යෝජනා ඉදිරිපත් කර තිබේ. උද්ගත වී තිබෙන තත්ත්වය…

(සුජිත් මංගල ද සිල්වා)

නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් තිදෙනෙකු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයට යෝජනා ඉදිරිපත් කර තිබේ.

උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළි රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඔහු සමග වැඩ කිරීමට තමා කිසිසේත් සුදානම් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

මේ කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ දීර්ඝ සහ පුළුල් සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රබල නායකයින් තිදෙනාගේ නම් “lankanewsweek” දැනට හෙළි නොකරන්නේ එමගින් අප කණ්ඩායමේ තොරතුරු මූලාශ්‍රවලට සිදු විය හැකි හානිය නිසාය.

එක්සත් ජාතික පක්ෂයේ සහ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසරය ලැබෙනවා නම් අග්‍රාමාත්‍ය ධූරය භාර ගෙන රටත් පාර්ලිමේන්තුවත් ස්ථාවර කිරීමට මේ නායකයින් තිදෙනාම එකඟව සිටිති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නව අගමැතිකමට එජාප ප්‍රබලයින් තිදෙනෙකුට ජනපතිගෙන් ආරාධනා..! | Lanka Newsweek