නවීන පහසුකම් සහ නවීන අධ්‍යාපන සංකල්ප යටතේ රට ගොඩනගමු

විපක්ෂ නායකගෙන් සිසු දරු දැරියන්ට පණිවිඩයක්..! උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී ඇත. මට ඔබ හට යමක් කීමට තිබේ. උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ දරු දැරියන්ට ශුභාශිංසන පිළි ගන්වමින් එය අරඹමි. එමෙන් ම, උසස්…
විපක්ෂ නායකගෙන් සිසු දරු දැරියන්ට පණිවිඩයක්..!
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී ඇත. මට ඔබ හට යමක් කීමට තිබේ. උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ දරු දැරියන්ට ශුභාශිංසන පිළි ගන්වමින් එය අරඹමි. එමෙන් ම, උසස් පෙළට සහභාගී වී විශ්ව විද්‍යාල වරම් නොලැබූ සිසු සිසුවියන්ව අත් නොහරින බව ඔබට තරයේ කියමි.
විභාගය අසමත් වීම නිසා හෝ බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබූ නිසා ඔබ අධෛර්යයට පත් නොවන්න. දැනුම කේන්ද්‍රීය වෙමින් පවතින නූතන ලෝකය තුළ ඔබේ හැකියාව, දැනුම සහ නව්‍යකරණය තුළින් ඇතැම් විට විභාගය සමතුන්ටත් වඩා සාර්ථක ගමනක් යෑමේ මාර්ගය ඔබ වෙනුවෙන් තනමින් සිටිමි.
"සක්වල" SMART පන්ති කාමර ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ආරම්භ කිරීමේ මූලික අරමුණ, සියලු සිසු සිසුවියන්ට සම-අවස්ථා සැපයීම යි. රටේ එක් පිරිසකට වැඩි පහසුකම් සහිත අධ්‍යාපනයකුත්, තවත් පිරිසකට අනාගතය ගැන අවිනිශ්චිතභාවයකුත් ලබා දීමට අපට නොහැකි ය.
දැන්වීම
ඇතැම් කිඹුල් කඳුලු සලන්නන් ඔබේ යොවුන් විය සහ තාරුණ්‍යය තම තමන්ගේ දේශපාලන ගමන සඳහා යොදා ගනිද්දී, ඔබව මහ මඟ ජල ප්‍රහාර, බැටන් ප්‍රහාරවලට විවෘත කොට ඔබේ වෛරය අවුස්සා ඔවුන්ගේ දේශපාලන ගමන යද්දී, ඔබට ඍණාත්මක සිතුවිලි ඇති කරද්දී, මා සත්‍ය වශයෙන්ම ඔබේ අනාගතයේ තිරසරභාවය උදෙසා සේවය කරන බව ක්‍රියාවෙන් ඔප්පු කොට ඇත. ඔබව අධෛර්යයට පත්කරනු වෙනුවට, ඔබට නවීන අධ්‍යාපන පහසුකම් වෙනුවෙන් දොරගුළු විවර කොට ඇත.
දරුවන්ගෙන් වැඳුම් පිදුම් ලබා ගන්නවා වෙනුවට ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට ලැබීම වැඩිහිටියන් ලෙස අපට ලැබෙන මහත් සතුටකි. සතියක් ඇතුළත 14 වැනි SMART පන්තියත් සිසු අයිතියට පැවරූ පසු, මේ සිසුවියගේ පිවිතුරු සිනහව දැක මෙම සටහන ලියන්නට සිත්විය. පසුගිය සතිය මුල දී අපි "සක්වල" සුහුරු පන්ති කාමර විවෘත කිරීමේ දැවැන්ත සන්ධිස්ථානයක් පසු කළෙමු. ඒ 200 වැනි සුහුරු පන්ති කාමරය යි.
එතැනින් පසුව ගතවූ දින 5ක කාලය තුළ 214 වැනි සුහුරු පන්ති කාමරයත් ඔබේ දුවාදරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට ලැබීම පෞද්ගලිකව මා හටත් ආත්ම විශ්වාසය වැඩි කරන්නක් විය. මේ වසර අවසන් වන විට දිවයිනේ සියලු පොදු පාසල් වෙනුවෙන් "සක්වල" සුහුරු පන්ති කාමර බෙදා දීම මාගේ අරමුණ යි.
"සමතුන් මෙන් ම සමත් නොවූවන් යන දෙවර්ගය ම අපේ දරුවන් ය" යන සංකල්පය පෙරදැරිව, උසස් පෙළ විභාගයෙන් සියල්ල තීරණය වන අධ්‍යාපන ක්‍රමය වෙනස් කොට, නවීන පහසුකම් සහ නවීන අධ්‍යාපන සංකල්ප යටතේ රට ගොඩනගමු. සියලු දරු දැරියන් දිනේවා..!