නවීන් වැඩ පෙන්වයි-එජාපය එකතු කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අගමැතිගෙන් පැසසුම්..! රනිල්-සජිත්-රවී-අකිල එකම වේදිකාවකට..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස නවීන් දිසානායක මහතා වැඩ අරඹන අවස්ථාවේදීම පක්ෂයේ සියලු පාර්ශවයන් එකට…
අගමැතිගෙන් පැසසුම්..!
රනිල්-සජිත්-රවී-අකිල එකම වේදිකාවකට..!
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස නවීන් දිසානායක මහතා වැඩ අරඹන අවස්ථාවේදීම පක්ෂයේ සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගැනීමට ඔහුට හැකිවීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මැති ඇමතිවරුන්ගේ අගය කිරීමට සහ ප්‍රසාදයට ලක්ව තිබේ.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) සුභ මොහොතින් වැඩ ආරම්භ කළ අතර එම අවස්ථාවට පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ,නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,උප නායක රවී කරුණානායක සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු සියලු පාර්ශවයන් සියලු භේද ඉවතලා එකට ඒකරාශී කර ගැනීමට ඔහු සමත් වී තිබිණ.
"නවීන් දිසානායක ඒ උත්සවය හොඳට සංවිධානය කරලා තිබුණා. සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක සහ අකිල විරාජ් ඇතුළු සියලු දෙනා එකතු කර ගෙන ඒ උත්සවය සංවිධානය කරන්න ඔහු සමත්වී තිබීම ඉතා හොඳ පෙරනිමිත්තක්. මම ඒ උත්සවයේදී ඒකාධිපති රාජපක්ෂ රෙජිමයට විරුද්ධව සැර කතාවකුත් කළා" යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සමග අරලිය ගහ මන්දිරයේ පැවැත් වූ සාකච්ඡාවකදී ද කියා තිබිණ.
“එක්සත් ජාතික පක්ෂය කිසිදා යටපත් කළ නොහැකි සහ පරාජයට පත් කළ නොහැකි, මේ රටට විශාලතම සේවාවක් කළ දේශපාලන පක්ෂයයි.සියලු දෙනා එකට එකමුතුව කැපවී ක්‍රියා කළ විට 2020 දී තනි ආණ්ඩු බලය වගේම රටේ නායකත්වයද එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම කිසිසේත්ම අසීරු නැහැ. ඒ වෙනුවෙන් මේ නව තනතුර හරහා මම ඇපකැප වී ක්‍රියා කරනවා. නව උපාය මාර්ග අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂය රට පුරා නගා සිටු වනවා. ඉදිරි වසර 1 ½ ඇතුළත ආණ්ඩුවත් රටට ජනතාවට උපරිම සේවාව කිරීමට වග බලා ගත යුතුයි. ඒ යුතුකම් ඉටු කිරීමේ සැලැස්ම මේ වන විට වේගයෙන් ඉදිරියට යනවා.” යැයි නවීන් දිසානායක මහතා නව ජාතික සංවිධායක ධූරයේ වැඩ භාර ගනිමින් ප්‍රකාශ කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1