අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නවීන් රැළිය වර්ජනය කරයි-හේතුව මෙන්න..!

නවීන් රැළිය වර්ජනය කරයි-හේතුව මෙන්න..!

නුගේගොඩ දී සිකුරාදා (21) පැවැත් වෙන ආණ්ඩු විරෝධී විපක්ෂ ජන රැළියට තමා සහභාගී නොවන බව සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර සහ අධි නීතීඥ නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඒ එම රැළියට මහින්ද රාජපක්ෂ ප්‍රධාන…

නුගේගොඩ දී සිකුරාදා (21) පැවැත් වෙන ආණ්ඩු විරෝධී විපක්ෂ ජන රැළියට තමා සහභාගී නොවන බව සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර සහ අධි නීතීඥ නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි.

ඒ එම රැළියට මහින්ද රාජපක්ෂ ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද සහභාගී වන නිසා වන අතර නවීන් දිසානායක මහතාගේ ස්ථාවරය වී ඇත්තේ ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත විය යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයේ අනෙකුත් දේශපාලන බලවේග සමග විනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග නොවන බවය.

තමා මේ රැළියට සහභාගී වන්නේදැයි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (19) මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේ දී එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය විමසූ අවස්ථාවේ දී ඊට එක් නොවන බව තමා නිල වශයෙන් දැනුම් දුන්නේ යැයි නවීන් දිසානායක මහතා විශේෂ "X" පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

දැන්වීම

සබරගමු පළාත් හිටපු මහා ඇමති සහ අධි නීතීඥ නවීන් දිසානායක මහතා මේ තත්ත්වය සහ ඊට අදාළ දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශේෂ "X" පණිවුඩ මෙසේය. 

නවීන් රැළිය වර්ජනය කරයි-හේතුව මෙන්න..!

නවීන් රැළිය වර්ජනය කරයි-හේතුව මෙන්න..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න