අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නවීන් එජාපයට ජීවන හුස්ම පිඹී-දුක්ගන්නාරාළට අඳියි..!

නවීන් එජාපයට ජීවන හුස්ම පිඹී-දුක්ගන්නාරාළට අඳියි..!

අසාධාරණයට-නොසලකා හැරීමට-කලකිරීමට ලක්වූ පාක්ෂිකයින් ඒකරාශී කෙරේ..! (රසික මහගෙදර) 2018 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුන් සහ නාම යෝජනා ලබා දුන්නත් සභික ධූර ලබා නොදීම…

අසාධාරණයට-නොසලකා හැරීමට-කලකිරීමට ලක්වූ පාක්ෂිකයින් ඒකරාශී කෙරේ..!

නවීන් එජාපයට ජීවන හුස්ම පිඹී-දුක්ගන්නාරාළට අඳියි..!

(රසික මහගෙදර)

2018 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුන් සහ නාම යෝජනා ලබා දුන්නත් සභික ධූර ලබා නොදීම ඇතුළු විවිධ අසාධාරණයන්ට කලක් වී අසරණ වී සිටින සියලුම හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා එකට ඒකරාශී කර ඒ අයට සාධාරණය ඉටු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පියවර ගෙන තිබේ.

මේ වැඩ පිළිවෙළ “සිරිකොත” එක්සත් ජාතික මූලස්ථානයෙන් සඳුදා (23) නිල වශයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවට කොළඹ,ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික් නියෝජනය කරමින් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මුළු රටම ආවරණය වන පරිදි මෙසේ දිස්ත්‍රික් මට්ටමෙන් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා ඒ අයගේ ප්‍රශ්න,අවශ්‍යතා සහ ඉල්ලීම් පිළිබඳව කරුණු සොයා බලා විසඳුම් ලබා දෙන අතර ඒ අනුව අද (24) රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්වල හිටපු මන්ත්‍රීවරුන් සිරිකොතට කැඳවා තිබේ.

මේ අතර  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් දැනුම්වත් කර බලමුළු ගැන්වීම සඳහා මැතිවරණ කොට්ඨාශ මට්ටමෙන් විශේෂ වැඩමුළු මාලාවක් පැවැත්වීමට ද නවීන් දිසානායක මහතා කටයුතු යොදා තිබේ.

මේ වැඩ මුළු මාලාවේ අරමුණ වන්නේ අසාධාරණයට,කලකිරීමට සහ නොසලකා හැරීමට ලක්ව සිටින ප්‍රබල පාක්ෂිකයින්ගේ, ග්‍රාමීය නායකයින්ගේ සහ පක්ෂයේ සම්පත් දායකයින්ගේ, මානසික චිත්ත ධෛර්‍ය ධනාත්මක ආකල්ප ඔස්සේ ශක්තිමත් කරමින් ඒ අයට සාධාරණය ද  ඉටු කර සියලු දෙනා පක්ෂය වටා යළි බලමුළු ගැන්වීමය.

ඔවුන් අප පක්ෂය තුළ රඳවා තබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇත. ඒ සඳහා මා විසින් ඔබ මැතිවරණ කොට්ඨාශයද ඇතුලත්ව දීප ව්‍යාප්තව සෑම මැතිවරණ කොට්ඨාශයකම අපගේ ප්‍රබල පාක්ෂිකයන්ගේ චිත්ත ධෛර්‍ය වැඩි කිරීම හා පක්ෂය පිළිබඳ ධනාත්මක ආකල්ප ඇති කිරිමේ අරමුණෙන් මෙය සංවිධානය කරනු ලබයි.

ඒ ඒ මැතිවරණ කොට්ඨාශවල සෑම ඡන්ද කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි දස දෙනෙකුගෙන් යුත් පිරිසක් තෝරා ගෙන අදාළ මැතිවරණ කොට්ඨාශයේම තෝරා ගත් ස්ථානයක මේ වැඩ මුළුව පැවැත් වෙන අතර වැඩ මුළුව අවසානයේ වටිනා සහතිකයක් සමග සියලු දෙනාට භෞතිකමය ප්‍රතිලාභයක් ද ලබා දීමට නවීන් දිසානායක මහතා කටයුතු යොදා තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නවීන් එජාපයට ජීවන හුස්ම පිඹී-දුක්ගන්නාරාළට අඳියි..! | Lanka Newsweek