නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ ශ්‍රී ලාංකිකයෙක්..!

(හේමන්ත තුසිත කුමාර) සිකුරාදා(03) පස්වරු 2:40ට පමණ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳසැලක දී මුස්ලිම් අන්තවාදියෙකු සිදු කළ පිහි ඇනුම් වලින් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇත. නවසීලන්තය…
(හේමන්ත තුසිත කුමාර)
සිකුරාදා(03) පස්වරු 2:40ට පමණ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳසැලක දී මුස්ලිම් අන්තවාදියෙකු සිදු කළ පිහි ඇනුම් වලින් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇත. නවසීලන්තය පවසන්නේ මෙය පොලිස් අධීක්ෂණය යටතේ සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ය.
අනන්‍යතාව ප්‍රකාශයට පත් කර නැති මෙම පුද්ගලයා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමකින් ආභාෂය ලැබූ අයෙකු බව පවසයි.පහර දීමෙන් තත්පර 60 ක් ඇතුළත පොලිසිය එම පුද්ගලයා ඝාතනය කළේය.
සිකුරාදා පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අගමැතිණි ආර්ඩර්න් මහත්මිය පැවසුවේ “අද සිදු වූ දෙය නින්දිතයි, වෛරී සහගතයි, එය වැරදියි.එය සිදු කළේ ඇදහිල්ලක්(faith ) විසින් නොව තනි පුද්ගලයෙක් විසිනි."මෙම ප්‍රහාරය ගැන දැනගත් විට තමා දැඩි ලෙස කම්පාවට පත් වූ බව ද ඇය පැවසුවාය.
දැන්වීම
ප්‍රහාරය දිග හැරියේ කෙසේද?
සිකුරාදා(03) පස්වරුවේ නිව් ලින් දිස්ත්‍රික්කයේ ලින් මාල් හි කවුන්ට්ඩවුන් සුපිරි වෙළඳසැලේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.ඔහු ගබඩාවේ තිබූ ප්‍රදර්ශක කැබිනට් එකකින් විශාල පිහියක් ගෙන පහර දුන් බව වාර්තා වේ.
අධිකරණ නියෝග හේතුවෙන් අනන්‍යතාවය හෙළි කළ නොහැකි මෙම පුද්ගලයා 2011 ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තයට පැමිණ ඇත. එමෙන්ම ඔහු ISIS මතවාදය දරණ පුද්ගලයෙකු ද වේ.ඔහුගේ මතවාදය ගැන සැලකිලිමත් වීම හේතුවෙන් ඔහු නිරන්තර අධීක්ෂණයට සහ දැඩි නිරීක්‍ෂණයට ලක්ව සිටි අතර ත්‍රස්තවාදීන්ගේ මුර ලැයිස්තුවට ද (watchlist) ඇතුලත් කර තිබුණි.
මේ සිදුවීමට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබා ගැනීමට හේතු වන කිසිදු වරදක් සිදු නොකර ඇත.ප්‍රහාරකයා තනිවම කටයුතු කළ බවත්, සමාජයට තවදුරටත් අනතුරක් සිදු නොවන බවත් බලධාරීන් විශ්වාස කරයි.නැවත දැනුම් දෙන තුරු ප්‍රහාරය සිදුවූ සුපිරි වෙළඳසැල වසා දමා ඇත.