අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නවක වධ දැනුම් දීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්..!

නවක වධ දැනුම් දීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්..!

නවක වධයට භාජනය වන විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ඒ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා හදිසි දුරකතන අංකයක් සහ විශේෂ කාර්යාලයක් පිහිටුවා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. නවක…

නවක වධයට භාජනය වන විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ඒ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා හදිසි දුරකතන අංකයක් සහ විශේෂ කාර්යාලයක් පිහිටුවා ඇති බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

නවක වධ සිද්ධියක් පිළිබඳව දන්නේ නම් හෝ එවැනි සිද්ධියක් සිදුවුවහොත්  ඒ පිළිබඳව දැනුම් දීම සඳහා පය 24 පුරා ක්‍රියාත්මක  හදිසි දුරකථන අංකයක්  කොමිෂන් සභාව හදුන්වා දී තිබේ. එම දුරකථන අංකය වන්නේ 011-2123700.

එසේම එවැනි සිද්ධියක් සිදු වූ වහාම අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසද කොමිසම සිසුන්ගෙන් ඉල්ලා සිටි.

එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිහිටුවා ඇති විශේෂ කාර්යාලය රජයේ නිවාඩු දින හැර සෙසු දින වල පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘත කර තිබේ.

නවක වධ ක්‍රියාකාරකම් සම්බන්ධව 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වධය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනත අනුව මෙය  බල පැවැත්වේ.

ඒඅනුව පනත  යටතේ චෝදනා ලබන අයට ඇප ලබා ගැනීමට නොහැකි වන අතර අ‍ධිකරණයකදී වරදකරු වුවහොත් වසර 10 ක කාලයක් දක්වා බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට යටත් කෙරෙනු ඇති.

එසේම තම දරුවන් පිළිබඳව විශේෂ අවධානයකින් සිටින ලෙසද කොමිෂන් සභාව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නවක වධ දැනුම් දීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්..! | Lanka Newsweek