අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නලින්ද සජබයට චරිත සහතික දෙයි - පාතාලය සමග සජබයට කිසිඳු සම්බන්ධයක් නෑ

නලින්ද සජබයට චරිත සහතික දෙයි - පාතාලය සමග සජබයට කිසිඳු සම්බන්ධයක් නෑ

(අචින්ත මධුර) සජබය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විශේෂ සහතිකයක් ලබා දී ඇති බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද…

 (අචින්ත මධුර)

සජබය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විශේෂ සහතිකයක් ලබා දී ඇති බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශයක වීඩියෝවක් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරමින් මන්ත්‍රී වරයා මෙලෙස පවසනු ලැබීය. එම වීඩියෝවේදී අමාත්‍ය වරයා ප්‍රකාශ කරනුයේ සමගිජන බලවේගයට පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිසිඳු චෝදනාවක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර නොමැති බවයි. 

එම වීඩියෝව මාධ්‍ය හමුවේදී විකාශය කරමින් මන්ත්‍රී වරයා පෙන්වා දුන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයාම සජබයට චරිත සහතික ලබා දී ඇති අවස්තාවක, ඔවුන් ඒ පිළිබඳව තව දුරටත් කිසිවක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැති බවයි.

එම නිසා මත්ද්‍රව්‍ය ජාවාරමට, පාතාලයට එරෙහි ක්‍රියාමාර්ග වලදී රජයට අවශ්‍ය සම්පුර්ණ සහයෝගය ලබා දීමට තම පක්ෂය අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් එම මර්ධනයට මුවා වී සාමාන්‍ය මිනිසුන් ඝාතනය වීම සාධාරණීකරණය කිරීමට කිසිඳු විටක අවස්තාව ලබා නොදෙන බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබීය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න