අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නන්දන ගුණතිලකගෙන් රංග දිසානායකට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු

නන්දන ගුණතිලකගෙන් රංග දිසානායකට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු

(අචින්ත මධුර) පසුගිය දිනක ප්‍රධාන මාධ්‍යයේ දේශපාලන වැඩ සටහනකදී අදහස් දක්වමින් හිටපු ජවිපෙ දේශපාලන සභික මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු වූ නන්දන ගුණතිලක විසින් අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවේ…

(අචින්ත මධුර)


පසුගිය දිනක ප්‍රධාන මාධ්‍යයේ දේශපාලන වැඩ සටහනකදී අදහස් දක්වමින් හිටපු ජවිපෙ දේශපාලන සභික මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු වූ නන්දන ගුණතිලක විසින් අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස රංග දිසානායක පත් කිරීම පිටුපස වූ දේශපාලන හස්තය පිලිබඳව හෙළිදරව් කිරීමක් සිදු කරනු ලැබීය. 

ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක ප්‍රකාශ කළේ සිය පත්කිරීම පිළිබඳව ගැටලුවක් ඇත්නම් නඩු දමන ලෙසයි. 

මෙම වාතාවරණය තුල අද (02) සිය Face Book ගිණුමේ සටහනක් තබමින් නන්දන ගුණතිලක ප්‍රකාශ කර ඇත්තේ පළමුවෙන්ම රංග දිසානායකගේ පත්වීම සිදුවී ඇති ආකාරය පිළිබඳව විමසීම සඳහා තමා අධිකරණය වෙත එන බවයි. එම සටහන පහත දැක්වේ.

දැන්වීම

"රංග ,

නඩු දැමීම පිළිබඳව ඔබ මේ ලබාදෙන උපදෙස්වලට බොහොම ස්තූතියි.

එ මෙන්ම අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවට අදාළ පනත , අධ්‍යක්ෂක ජනරාල් ගේ පත්වීම සිදුකෙරෙන ආකාරය ආදී නෛතික කාරණා ඉතා මෑතකදී අධ්‍යයනය කිරීමට මා පොළඹවන සුළු හැසිරීමක පසුගිය මාස දෙකක පමණ කාලයකදී නියැළීම පිළිබඳව ද ඔබට ස්තූතියි.

ව්නිශ්චයකාරවරයෙකු ලෙස පත්වීමේදී බලපාන නුසුදුසුකම් පිළිබඳව සොයා බැලීමට තරම් වන හැසිරීමක ඔබ එකල නොයෙදීම පිළිබඳවද ස්තූතියි.

සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඉහතකී පනත් සහ එහි කොන්දේසි පිළිබඳව සොයා බැලීමට , - පෙර එවැනි උනන්දුවක් නොතිබූ මා හට එම උනන්දුව ඇති කිරීම ගැන නැවත වරක් ඔබට බොහෝම ස්තූතියි.

ඒ නිසා ඔබ ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සිටි කාරණය විමසීමට පෙර , ඔබේ පත්වීම සිදුවී ඇති ආකාරය පිළිබඳව විමසීම සඳහා මා අධිකරණය වෙත එන බව පමණක් දැනට කියමි.

ඔබේ නුසුදුසුකම පිළිබඳව මා කල විවේචනය සහ ඔබේ පත්වීම පිළිබඳව ඇති නියත නෛතික නුසුදුසුකම පිළිබඳව වෙනත් පුද්ගලයන්ගෙන් සහ සමාජයෙන් පැනනැගුනු චෝදනා අල්ලස් හා දූෂණ කොමිසමේ අනෙක් නිලධාරීන්ට කිසිසේත්ම අදාළ නොවන බවත් එය තනිකරම ඔබේ පෞද්ගලික අක්‍රමිකතාවක් බවත් නැවත උදක්ම කියා සිටිමි ...!!! "

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න