නත්තලට පෙර නත්තල සැමරූ කුඩා දරුවා මිය යයි...

(හේමන්ත තුෂිත කුමාර) ජේකබ් තොම්සන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් දරුවෙක් වන අතර ඔහුට ලොව දුර්ලභ ගණයේ පිළිකාවක් වැලඳී තිබුණි. වයස අවුරුදු 9ක දරුවෙකු වූ ජේකබ් පිළිකාවට ගොදුරුව ඇති බව වසර 4 ක සිට…
(හේමන්ත තුෂිත කුමාර)
ජේකබ් තොම්සන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් දරුවෙක් වන අතර ඔහුට ලොව දුර්ලභ ගණයේ පිළිකාවක් වැලඳී තිබුණි. වයස අවුරුදු 9ක දරුවෙකු වූ ජේකබ් පිළිකාවට ගොදුරුව ඇති බව වසර 4 ක සිට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබුණි. අවසන් වරට ඔහුව ඔක්තෝබර් 11 වැනි දින රෝහල්ගත කල අවස්ථාවේදී දැනගන්නට ලැබී ඇත්තේ පිළිකාව ඔහුගේ හිස් කබල තුලත් කණේ අස්ථි කොටස් වලටත් පැතිරී ඇති බවය .
මේ හේතුවෙන් ඔහු මෙවර නත්තල සැමරීම දක්වා ජීවත්ව නොසිටින බව වෛද්‍යවරුන් විසින් දන්වා තිබුණි. මේ හේතුවෙන් ඔහුගේ පවුලේ අය විසින් නත්තල් උත්සවයක් නොවැම්බර් 12 වෙනි දින පැවැත්වීමට සැළසුම් කරන ලදී.මේ සඳහා සුබපැතුම් පත් එවන ලෙසට අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ ඉල්ලීමක්ද කර තිබුණි. මේ පුවත සැලවීමත් සමගම ජේකබ්ට ලොව පුරා ජනයාගෙන් දිගින් දිගටම ලක්ෂ ගණනින් සුබපැතුම් පත් හා තෑගි ලැබුණි. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේද බොහොමයක් සුබපැතුම් ලැබුණි.
දැන්වීම
ඔහුගේ රෝහල් කාමරය නත්තල් ගසකින් සරසා තිබූ අතර නත්තල් සැරසිලි වලින්ද අලංකාර කරන ලදී. නොවැම්බර් 12 වන දින ඔහුගේ පවුලේ අය විසින් නත්තල් සීයා කෙනෙකුද ගෙන්වා තෑගි බෝග දී ඉතා විචිත්‍රවත් නත්තල් උත්සවයක් සමරන ලදී. සියල්ල අවසන් වී සතියක් ගෙවුණු පසු ජේකබ් මෙලොව හැරදා සදහටම වෙන්වී ගියේය.
