අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නගර හදා ගම හදා නගර උදාකරන වැඩපිළිවෙළ සකස් කරනවා

නගර හදා ගම හදා නගර උදාකරන වැඩපිළිවෙළ සකස් කරනවා

හොර ඩීල් දේශපාලනයට තිත- පොඩි මිනිහාගේ යුගය බිහිකරනවා මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…


හොර ඩීල් දේශපාලනයට තිත- පොඩි මිනිහාගේ යුගය බිහිකරනවා

මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දඹුල්ල ප්‍රදේශයේ සදුදා (16) පැවති ජනරැලියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේය."මේ රටේ හැම පරිපාලන දිස්ත්‍රික්කයකටම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනවා.

මාතලේ දිස්ත්‍රික්කයටත් ජනාධිපති කාර්ය සාධක බලකාටයක් පිහිටුවලා මේ ආස 4ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ජනතාවට ජනාධිපතිවරයාත් එක්ක සම්බන්ධවීම සඳහා වෙනමම ඒකකයක් ස්ථාපිත කරනවා.

නගර හදා ගම්හදා නගර උදාකරන වැඩපිළිවෙළකට අපි යොමුවෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අයටයි අර එක්සත් ජාතික පක්ෂේ අයටයි ඔබගේ ඡන්දේ නාස්ති කරන්න එපා. රට සංවර්ධනය කරන අපේ ගමනත් එක්ක සියලු දෙනාම පක්ෂ භේදයෙන් තොරව එකතුවෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඔබ පොදුජන යුගයට ඔබගේ වරම ලබා දෙනවාද? තීන්දුව තිබෙන්නේ ඔබ අතේ. කිසිම සැකයක් නෑ මෙදා පාර රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක හොර ගිවිසුම්, හොර ඩීල් දේශපාලනය අපි අවසන් කරලා පොදුජන යුගය, පොඩි මිනිහාගේ යුගය බිහිවෙනවයි කියන එක අපි විශ්වාස කරනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න