අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"නකල්ස් කඳු පංතිය ආශි‍්‍රතව පරිසර හානියක් සිදු වන්නේ නැහැ"

"නකල්ස් කඳු පංතිය ආශි‍්‍රතව පරිසර හානියක් සිදු වන්නේ නැහැ"

(සුජිත් මංගල ද සිල්වා) නකල්ස් කඳු පංතිය ආශ්‍රිතව පරිසර විනාශයක් සිදුවන බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් අරමුණින් යැයි සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය…

(සුජිත් මංගල ද සිල්වා)

නකල්ස් කඳු පංතිය ආශ්‍රිතව පරිසර විනාශයක් සිදුවන බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් අරමුණින් යැයි සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා පැවසිය.

ඔහු  මෙම අදහස් පළ කළේ මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණ  අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශි‍්‍ර ඤාණරතන මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු  රංජිත් අඑවිහාරේ මහතා මෙසේද කීය.

නකල්ස් කදුපන්ති ආශි‍්‍රතව පරිසර හානියක් සිදුවනවා කියන කතා සම්පුර්ණ බොරුවක්. මේ හදන්නේ දේශපාලන වාසි ලබාගන්න. ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර සිදුකරනවා. වතුකරයේ සිටින කම්කරු ජනතාවට නිවාස සෑදිමට අප රජයෙන් පර්චස් 07 ක ඉඩම් කොටසක් ලබාදෙනවා. ඒ ඒ කොට්ඨාශවල වතු ආශ‍්‍රිතව තමයි එම ඉඩම් ලබාදෙන්නේ. නකල්ස් කදුපන්තිය ඒ කොට්ඨාශ වලට අහුවන්නේ නැහැ. මේක සම්පුර්ණ බොරු ප‍්‍රචාරයක්. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට මඩ ගැසිමේ අරමුණින් තමයි මෙවැනි ප‍්‍රචාර සිදුවන්නේ. මම නියෝජනය කරන්නේ මාතලේ දිස්ති‍්‍රක්කය. මාතලේ දිස්ති‍්‍රක්කයෙන් තමයි ඒ ඒ කම්කරුවන්ට  පර්චස් 07 බැගින් ඉඩම් බෙදන්නේ. ඔය කියන විදිහේ කිසිම පරිසර හානියක් සිදුවන්නේ නැහැ ඒක සම්පුරණ බොරුවක්.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"නකල්ස් කඳු පංතිය ආශි‍්‍රතව පරිසර හානියක් සිදු වන්නේ නැහැ" | Lanka Newsweek