අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ධූරවලින් ඉවත් නොවන ආණ්ඩුකාරවරුන්ට වැඩ වරදී

ධූරවලින් ඉවත් නොවන ආණ්ඩුකාරවරුන්ට වැඩ වරදී

ජනාධිපති කාර්යාලයේ දැනුම් දීමට අනුව සිය ධුරවලින් ඉවත් නොවූ පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි…

ජනාධිපති කාර්යාලයේ දැනුම් දීමට අනුව සිය ධුරවලින් ඉවත් නොවූ පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි සඳහන් කරයි.

ඊට අමතරව මෙම  ආණ්ඩුකාරවරුන්ගේ වැරදි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කොට එම ආණ්ඩුකාරවරුන් චෝදනාවලට වැරදිකරුවන් ලෙස නම් කරමින් ඔවුන් එම ධූරවලින් ඉවත් කිරීම, වෙනත් පුද්ගලයින් ආණ්ඩුකාර ධූරයන්ට පත් කිරීම සහ අදාළ ආණ්ඩුකාරවරුන්ට මුදල් ප්‍රතිපාදන නොදීම යන ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.

ජනාධිපති කාර්යාලයේ දැනුම් දීමට අනුව අදාළ ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ඉවත් වීමට සූදානමක් නැතැයි  මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බැවින් ඊට අදාළව ගත යුතු පියවර මෙසේ සාකච්ඡා කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

දැන්වීම

නැගෙනහිර, උතුර, සබරගමුව සහ වයඹ යන පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබිණි.

ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් ඒ ක්‍රියාදාමය  අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බවත් ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ද ජනාධිපති කාර්යාල  ප්‍රකාශකයා සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ධූරවලින් ඉවත් නොවන ආණ්ඩුකාරවරුන්ට වැඩ වරදී | Lanka Newsweek