අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ධිවර පවුල් පාරට බසිති..!

ධිවර පවුල් පාරට බසිති..!

(නිලන්ති චන්ද්‍රසේන) ගාලු පර හික්කඩුව අවහිර කරමින් වැරැල්ල ප්‍රදේශයේ ධීවර පවුල් විරෝධතාවයක් අද (7) ආරම්භ කර ඇත. මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර ඇත්තේ පසුගිය 14 වැනිදා ගාල්ල වරායෙන් මුහුදු ගොස් අතුරුදහන්…

(නිලන්ති චන්ද්‍රසේන)

ගාලු පර හික්කඩුව අවහිර කරමින් වැරැල්ල ප්‍රදේශයේ ධීවර පවුල් විරෝධතාවයක් අද (7) ආරම්භ කර ඇත.

මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර ඇත්තේ පසුගිය 14 වැනිදා ගාල්ල වරායෙන් මුහුදු ගොස් අතුරුදහන් වූ ධිවරයින් පිරිසක් සොයා දෙන ලෙස ඉල්ලමිනි.

මෙසේ මුහුදු  පසුගියදා ගාලු වරායෙන්ගො මුහුදු ගොස් අතුරුදහන් වී ඇත්තේ හික්කඩුව,තෙල්වට්ටේ,තොටගමුව යන ප්‍රදේශවල දිවරයින් 07 දෙනෙකි. ඔවුන් අවුරුදු 45,51,27,39,47,26, සහ 34 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.

මෙම  පිරිස අවසන් වරට  පසුගිය 29 වනදා ගොඩබිම සමග පණිවුඩ හුවමාරු කරගෙන ඇත.

මෙම පිරිස පිළිබඳව අවස්ථා ගණනාවකදීම අදාළ බලධාරීන්ට දැනුම්සි දුන්නද ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මෙලෙස විරෝධතාවයක නිරත් වූ බව එම ධිවර පවුල් ප්‍රකාශ කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ධිවර පවුල් පාරට බසිති..! | Lanka Newsweek