ධරණගම කුසලධම්ම හිමියන්ගේ ජීවිතය අනතුරේ..!

ඇමරිකානු රෝහලකදී අසාධ්‍ය වෙයි කුමන්ත්‍රණයක් දැයි සැක-නා හිමිගේ දේපොළ අනතුරේ විහාරයේ පිරිසක් බොර දියේ මාළු බායි වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී…
ඇමරිකානු රෝහලකදී අසාධ්‍ය වෙයි
කුමන්ත්‍රණයක් දැයි සැක-නා හිමිගේ දේපොළ අනතුරේ
විහාරයේ පිරිසක් බොර දියේ මාළු බායි
වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් අද (05) උදැසන විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට යළි වැඩම කරවා ගෙන එනු ලැබ තිබේ.
දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට වැඩම කරවා ගෙන එනු ලැබූ ධරණගම කුසලධම්ම නා හිමියන් මේ වන විට කොළඹ ඇපලෝ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
මීට මාසයකට පමණ ඉහතදී වෛද්‍ය පරීක්ෂණ සඳහා සාමාන්‍ය තත්වයෙන් ඇමරිකාවට වැඩම කළ ධරණගම කුසලධම්ම නා හිමියන් එරට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අසාධ්‍ය තත්ත්වයට පත්වීම පිළිබඳව මේ වන විට බරපතළ සැකයක් මතුව තිබේ.
දැන්වීම
සාමාන්‍ය ගුවන් යානයකින් ඇමරිකාවට වැඩම කළ ධරණගම කුසලධම්ම නා හිමියන් රටට යළි වැඩමවා ගෙන ඒමට සිදුව තිබෙන්නේ විශේෂ ගිලන් ගුවන්(AMBULANCE PLANE) යානයකිනි.
ධරණගම කුසලධම්ම නා හිමියන් මෙසේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමරිකාවට වැඩම කරවීමට මැදිහත් වී තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායමක් විසිනි.
ධරණගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින කුමන්ත්‍රණය පිළිබඳව තොරතුරු රැසක් “lankanewsweek” සතුව පතින අතර ඒ පිළිබඳ සියල්ල නම් ගම් සහ සාක්කි සාධක ඇතිව අපි ඉදිරියේදී හෙළි කරන්නෙමු.