අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දොලවත්ත ලක්මාලි ගැන කරන හෙළිදරව්ව අතිශයින් භයානකයි

දොලවත්ත ලක්මාලි ගැන කරන හෙළිදරව්ව අතිශයින් භයානකයි

" වත්මන් ආණ්ඩුව විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු හරහා අධිකරණ තීන්දු වලට බලපෑම් කරන ආකාරයේ තීන්දු තීරණ ප්‍රසිද්ධියේ ගැනීමට පවා මැලි නොවන තත්වයක් නිර්මාණය වී තිබෙනවා.අධිකරණය වට්ටන්න මෙම…

" වත්මන් ආණ්ඩුව විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු හරහා අධිකරණ තීන්දු වලට බලපෑම් කරන ආකාරයේ තීන්දු තීරණ ප්‍රසිද්ධියේ ගැනීමට පවා මැලි නොවන තත්වයක් නිර්මාණය වී තිබෙනවා.අධිකරණය වට්ටන්න මෙම පිරිස උත්සාහ කරන බවත්,අධිකරණය ගණන් ගන්නේ නැතැයි ජනතාවට පෙන්නුම් කිරීමට ඔවුන් උත්සාහ කරනවා.ලක්මාලි හේමචන්ද‍්‍ර මන්ත්‍රීතුමිය සම්බන්ධීකරණ කමිටු මගින් අධිකරණ තීන්දු ක‍්‍රියාත්මක නොකරන්න නියෝග දෙන ආකාරය දක්නට ලැබුනා."

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත.

■ රටේ රාළගේ සටහන.

දැන්වීම

දොලවත්ත මේ කරන අනතුරු ඇඟවීම ඉතාමත් බරපතල එකක්.

ඒක හුදු විපක්ෂය විසින් ආණ්ඩුවට දමලා ගහන විවේචනයක් නෙවෙයි.

රට ඉස්සරහ පැහැදිලිව විඩියෝ සාක්ෂි සහිත විවේචනයක්.

ඊට අවශ්‍ය අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයට බාර කටයුත්තක්.

හැබැයි මේවාට අදාලව මාලිමාව පැත්තෙන් පක්ෂයක් විදිහට අරන් තියන ක්‍රියාමාර්ග මොනවාද?

පහුගිය කාලය පුරාම මාලිමාවේ මහජන නියෝජිතයින් සහ සම්ප හිතවතුන්ට සමාජ විරෝධී කටයුතු සම්බන්ධව චෝදනා විශාල වශයෙන් එල්ල වුනා.

හැබැයි මේ කිසි කෙනෙකුට විනය ක්‍රියාමාර්ගයක් මාලිමාවෙන් අරන් නෑ.

ඒ කියන්නේ වැරදි කිරීමට අනුබල දීමක් නෙවෙයිද?

ඇත්තටම ජවිපෙ ඇතුලේ සාකච්ඡාවට අනුව එයාලා මේ කිසිම දෙයක් පිලිගන්නේ නෑ.

එයාලගේ එකම අරමුණ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමයි.

ඒකට නීතියේ ආධිපත්‍යය විසුරුවා හැරීම වැදගත්.

ජවිපෙට යන්න ඕනි ගමනට එක තැනකදී අධිකරණය හරස්වෙන බව එයාලා දන්නවා .

ජනතාවට පිහිට පැතීමට ඇති එකම විශ්වාසදායක ආයතනය අධිකරණයයි.

අධිකරණයට ඇඟිලි ගැසීම් ගැන විවිධ චෝදනා මේ ආණ්ඩුවට දැනටමත් එල්ලවෙලා තියනවා.

හැබැයි වඩා බරපතල වෙන්නේ අධිකරණයට ජනතාව ඉදිරියේ හැල්ලු කිරීමයි.

ලක්මාලී ඒක ඉතාමත් පහත් විදිහට කළා.

අධිකරණ තීරණයක් ක්‍රියාත්මක කරන්න එපා කියලා කිව්වා වගේම ඒ වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් පෙළඹවීමත් කළා.

ලක්මාලි සම්බන්ධව ජවිපෙන් කිසිම පියවරක් ගන්නා නෑ.

ඒ එයාලගේ අවශ්‍යතාවයත් ඒක නිසයි.

හැබැයි රටේ ජනතාව මේ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධව අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දිහා බලා ඉන්නවා.

ඒ වගේම දොලවත්තලත් නීතිඥයෝ විදිහට මාධ්‍ය සංදර්ශනවලින් එහාට ගිහින් ලක්මාලිගේ මේ හැසිරීමට එරෙහිව නීතිමය පියවර ගන්න ඕනි.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න