අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දොඩංගොඩ, තුඩුගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

දොඩංගොඩ, තුඩුගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

(නිලන්ති චන්ද්‍රසේන) දොඩංගොඩ, තුඩුගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (11) හටගත් ගින්න පැතිර යාම මේ වන විට පාලනය කර තිබෙන බව වාර්තා වේ. අද (11) පෙරවරු 6ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න…

(නිලන්ති චන්ද්‍රසේන)

දොඩංගොඩ, තුඩුගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක  අද (11) හටගත් ගින්න පැතිර යාම මේ වන විට පාලනය කර තිබෙන බව වාර්තා වේ.

අද (11) පෙරවරු 6ට  පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර  මෙම ගින්න  හටගත් ඇඟලුම් කර්මාන්ත ශාලාව මේ වන විට  මුළුමනින්ම විනාශ වී ඇත.

මේ වන විට කළුතර නගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් ගින්න සම්පූර්ණයෙන්ම  නිවා දමා  එය පැතිරීම පාලනය කර ඇත.

මේ ගින්න හේතුවෙන් අසල පිහිටි වෙළඳ සැල්  කිහිපයක් ද  ගින්නෙන් විනාශ වී තිබේ. ගින්නෙන් සිදුවූ අලාභය තවමත් තක්සේරු කර නොමැති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි..

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දොඩංගොඩ, තුඩුගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් | Lanka Newsweek