දේහ ජලය සහ එහි ව්‍යාප්තිය

දිනකට ජාල ලීටර් හයක් පානය කළ යුතු වේ (දේශප්‍රිය නානායක්කාර) ජීවිතය සඳහා ආහාරයට වඩා ජලය අත්‍යවශ්‍ය වන අතර පුද්ගලයෙකුට ආහාර නොමැතිව සති ගණනක් ජීවත් විය හැකි වුව ද ජලය නොමැතිව දවස් කිහිපයකට වඩා ජිවත්…
දිනකට ජාල ලීටර් හයක් පානය කළ යුතු වේ
(දේශප්‍රිය නානායක්කාර)
ජීවිතය සඳහා ආහාරයට වඩා ජලය අත්‍යවශ්‍ය වන අතර පුද්ගලයෙකුට ආහාර නොමැතිව සති ගණනක් ජීවත් විය හැකි වුව ද ජලය නොමැතිව දවස් කිහිපයකට වඩා ජිවත් විය නොහැක.
වැඩි හිටියෙකුගේ ශරීරයේ බරෙන් හරි අඩක් පමණ ජලය වේ. එනම්, පිරිමින්ගේ ශරීර බරෙන් සියයට 55%ක් සහ ස්ත්‍රීන්ගේ ශරීර බරෙන් සියයට 47%කි. දේහ ජලය ශරීරය පුරා පවතී. එම දේහ ජලය කොටස් දෙකකට බෙදිය හැකිය. ඒ ප්ලස්මාවෙහි සහ අන්තරස්ථ තරලයෙහි ඇති බහි-සෛලීය ජලය (Extracellular Fluid) - (ECF) - (සොම්පූර්ණ ජලයෙන් 4/1 ක් පමණ) සේම අන්ත-සෛලීය ජලය (Transcellular Fluid) - ( සම්පූර්ණ ජලයෙන් 4/3ක් පමණ) ලෙසය.
සෑම මිනිසෙකුම එම ජලයෙන් ජලය ක්වාට් 2 ක් පමණ එනම් ඝන සෙන්ටිමීටර් 2,000ත් 2,500ත් අතර ප්‍රමාණයක් දින පතා ශරීරයෙන් පිට කරනු ලබන අතර ඒ සමගම නිෂ්පල ද්‍රව්‍ය ද පිට කෙරේ.
ඒ වෙනුවට ද්‍රව වශයෙන් හෝ ජලය සහිත ආහාර වශයෙන් හෝ සමාන ජලය ප්‍රමාණයක් සෑම මනුෂ්‍යයෙකුම සිය ශරීරය ඇතුළට ගත යුතුය. ආහාර පරිවෘතියේ අන්ත නිෂ්පාදනයක් වශයෙන් ශරීරය ඇතුළත එක්තරා ජල ප්‍රමාණයක් (පයින්ට් 4/3 ක් පමණ) නිපදවන ලබනු නමුදු ශරීරයේ කෘත්‍යයන් සඳහා සෑහෙන ජලය ශරීරයට ලැබෙන බව ස්ථිර කරනු පිණිස දිනපතා ජලය හෝ පාන වර්ග බෝතල් 6 සිට 8 දක්වා, එනම් ලීටර් හයක පමණ ප්‍රමාණයක් දිනපතා පානය කිරීම සෑම මිනිසෙකුගේම වගකීමකි .