අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශීය සම්පත් පිටරටට විකුණන ගමන් ජනතා ඉඩම් මංකොල්ල කන ආණ්ඩුවක්..!

දේශීය සම්පත් පිටරටට විකුණන ගමන් ජනතා ඉඩම් මංකොල්ල කන ආණ්ඩුවක්..!

(හේමන්ත තුසිත කුමාර) රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ පානම රාගම්වෙල…

(හේමන්ත තුසිත කුමාර)

රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමග ඒ පිලිබදව සොයා බැලීමට පානම ශ්‍රී බෝධිරුක්කාරාමයට පැමිණි අවස්ථාවේදීය 

ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පානම ශ්‍රී චන්ද්‍රරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායකතුමා එම ස්ථානයට පැමිණ සිටි ගම්වාසින් අමතා මේ බව පැවසීය.

දැන්වීම

රටේ දේශීය සම්පත් කුණුකොල්ලෙට පිට රටට විකුණමින් සිටින ආණ්ඩුව අනෙක් පැත්තෙන් අහිංසක පොදු ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමට අනුබල දෙමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, දේශපාලන බලය තිබූ පලියට, මුදල් තිබුණ පලියට, මේ ඉඩම් මංකොල්ලය කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවද පැවසීය. 

ආණ්ඩුව මේ රට තල්ලු කරගෙන යමින් සිටින්නේ අතිශය ඛේදනීය තත්ත්වයකට බවත් කැලෑ නීතිය අතටගෙන සිදුකරන මේ කොල්ල කෑමට එරෙහිව ගත යුතු සහ ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දේශීය සම්පත් පිටරටට විකුණන ගමන් ජනතා ඉඩම් මංකොල්ල කන ආණ්ඩුවක්..! | Lanka Newsweek