අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශබන්දු පත් කරනවට විරුද්ධ ව්‍යවස්ථා දායක සභාව අහෝසි කරන්න රජය කුමන්ත්‍රණය කරනවා

දේශබන්දු පත් කරනවට විරුද්ධ ව්‍යවස්ථා දායක සභාව අහෝසි කරන්න රජය කුමන්ත්‍රණය කරනවා

-විපක්ෂ නායක චෝදනා කරයි- දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පක්ෂ බවත් මෙහි දී සාකච්ඡා වන විට වත්මන මෙන්ම අතීත ක්‍රියාදාම ගැන ද සිතා බලන බවත් සමගි…

-විපක්ෂ නායක චෝදනා කරයි-

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පක්ෂ බවත් මෙහි දී සාකච්ඡා වන විට වත්මන මෙන්ම අතීත ක්‍රියාදාම ගැන ද සිතා බලන බවත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ක්‍රියාවන් තුළින් වත්මනේ පමණක් නොව ⁣අතීතයේ සිට මොහු පොලිස්පත් ධුරයට නුසුදුසු කෙලින්ම පැවසූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය..

මේ පොලිස්පති පත් කිරීමේ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් වූ පසු එහි දි සමගි ජන බලවේගයේ තමා සහ කබීර් හෂීම් මහතා විරුද්ධ වූ බවත් ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය නිහඬ ප්‍රතිපත්තියක සිටි බවත් අදහස් ඉදිරිපත් නොකළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අඟහරුවාදා (05) පාර්ලිමේන්තුවේ දී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පත් ධුරයෙන් ඉවත් කිරීමට අදාළ විවාදයේදී අදහස් දක්වමිනි.

දැන්වීම

එදා ව්‍යවස්ථාදායක සභාවේ දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කළ බවත් එදා ජනතා විමුක්ති පෙරමුණ අදහස් නොදැක්වු බවත් නිහඬව සිටි බවත් සමගි ජන බලවේගය එදා ගරු අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගෙන ආ අවස්ථාවේ පවා වත්මන් රජය හැංගි හොරා ස්ථාවරයක සිට නිශ්ශබ්ද ව සිටි බවත් මේ නීතිවිරෝධී ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවයට එරෙහිව සමගි ජන බලවේගය සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදවස එවක අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තින්දුව කෙළෙසා අභියෝගයට ලක් කර කතාවක් කළ බවත් එදත් NPP, JVP මන්ත්‍රීවරුන් තුුන් දෙනා නිශ්ශබ්ද ව සිටි බවත් එදා මෙවැනි සිදුවීමකට එරෙහිව කටයුතු කරන්න හැකියාව තිබුණේ ව්‍යවස්ථාව දායක සභාව ශක්තිමත් වීම නිසා වුවත් වත්මන් රජය ව්‍යවස්ථා දායක සභාවේ බලය අඩු කරන්න සැලසුම් සකස් කරන බවත් එවැනි දෙයක් සිදුවුවාහොත් මේ රජයේ සහ ගෝඨාභය රජය අතරේ කිසි වෙනසක් නොමැති බවත් එවැනි ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරණ මෙවැනි දේකට මුල පුරන්න එපා යැයි කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න