දේශපාලන පෙරළියක් අත ළඟ..!

එජාපය-ශ්‍රීලනිපය තීන්දුවකට සූදානම් ශ්‍රීලනිපය විපක්ෂයට-නිමල් සිරිපාල විපක්ෂනායක..? (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ආණ්ඩුව අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන…
එජාපය-ශ්‍රීලනිපය තීන්දුවකට සූදානම්
ශ්‍රීලනිපය විපක්ෂයට-නිමල් සිරිපාල විපක්ෂනායක..?
(සුජිත් මංගල ද සිල්වා)
යහ පාලන ආණ්ඩුව අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන තීන්දුවක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පුළුල් ලෙස විග්‍රහ කර ගැනීමෙන් පසුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මේ තීරණාත්මක දේශපාලන තීන්දුව ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
දැන්වීම
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග සංහිඳියාවෙන් යුතුව තවදුරටත් ඉදිරියට යනවා ද නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තනි ගමනක් යනවා ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණයෙන් පසුව තීරණය කළ යුතු බවය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ එම පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට පුරා පක්ෂය සංවිධානය කරමින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් විය යුතු බවය.
ඒ අනුව ආණ්ඩුව කර ගෙන යන්න එක්සත් ජාතික පක්ෂයට ඉඩදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් විපක්ෂ නායකකම ගෙන දේශපාලනය කරමින් මේ කාලය ඇතුළත පක්ෂය ගොඩනැගිය යුතු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේ විපක්ෂයට යන්නේ නම් විපක්ෂ නායක ධුරයට නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ ඩබ්ලියු ඩී ජේ සෙනෙවිරත්න මහාතා පත් කළ යුතු බවට ද එම ජ්‍යෙෂ්ඨ නායකයින් ජනාධිපතිවරයා හමුවේ යෝජනා කර තිබේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගෙන සිටින නායකයකු අගමැති ධුරයට පත් කර ගෙන දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වී නොමැති එක්සත් ජාතික පක්ෂයේ සහ විපක්ෂයේ තවවත් මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කර ගනිමින් පිරිසිදු සහ අලුත් ජාතික ආණ්ඩුවක් බිහි කළ යුතු බවට ද එම පක්ෂයේ තවත් පිරිසක් ජනාධිපතිවරයාට බල කරමින් සිටිති.
ඊට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ දෙවන සහ තෙවන පෙළ නායකයින් ද පසු පෙළ මන්ත්‍රීවරුන් ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට සුදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ දුෂණ චෝදනා නොමැති මන්ත්‍රීවරුන් පිරිස සම්බන්ධ කර ගෙන තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ගොඩනගා රටේ සිදු කරමින් සිටින සංවර්ධනය වේගවත් කළ යුතු බවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත්තේ ද උද්ගත වී තිබෙන තත්වය හමුවේ එම අර්ථ නිරුපණයට අනුව ඉදිරි සැලසුම් සකස් කර ගැනීමට සහ අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රට අභ්‍යන්තරයේ වගේම ඇමරිකාව සහ ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරයේ සහයෝගය ද තිබෙන බවය.