දේශපාලන පළි ගැනීම් කොමිසමට පක්ෂව අමතිවරුන්වත් කතා කළේ නැහැ

එම වාර්තාවේ ප්‍රශ්නයක් තිබෙන බව ඒ සිද්ධියෙන්ම පැහැදිලි වනවා ආණ්ඩුව අභ්‍යන්තරයේවත් ඒ ගැන එක මතයක් නැහැ පාර්ලිමේන්තුවේ පැවැති දේශපාලන පළි ගැනීම් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින…
එම වාර්තාවේ ප්‍රශ්නයක් තිබෙන බව ඒ සිද්ධියෙන්ම පැහැදිලි වනවා
ආණ්ඩුව අභ්‍යන්තරයේවත් ඒ ගැන එක මතයක් නැහැ
පාර්ලිමේන්තුවේ පැවැති දේශපාලන පළි ගැනීම් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින විවාදයේදී ආණ්ඩුවේ කිසිදු කැබිනට් අමාත්‍යවරයෙකු එම වාර්ථාවට පක්ෂව කතා නොකිරීමෙන් මනාව පැහැදිලි වන්නේ එම වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පවා විශාල ප්‍රශ්නයක් ඇති බව යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා "lankanesweek" වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් පැවැසීය. දේශපාලන පළි ගැනීම් පිළිබද කොමිෂන් සභා වාර්ථාවේ ප‍්‍රශ්ණයක් ඇති බව.
මේ සම්බන්ධයෙන් "lankanesweek" වෙත වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය.
"2021 අප්‍රේල් මස 22 සහ 23 යන දිනයන් හී පාර්ලිමේන්තුවේදී දේශපාලන පළි ගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්ථාව සම්බන්ධ විවාදය පැවැත්වූවා. නමුත් එම විවාදය පැවැත්වූ දින දෙකේදීම ආණ්ඩුවේ කිසිදු කැබිනට් අමාත්‍යවරයෙකු එම දේශපාලන පළි ගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවට පක්‍ෂව කතා කළේ නැහැ. ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පවා මෙම වාර්තාව සම්බන්ධ විවාදයේදී ඊට පක්‍ෂව කරුණු නොදැක්වීමෙන්ම පැහැදිලි වන්නේ මෙම කොමිෂන් සභා වාර්තාවේ ප්‍රශ්නයක් ඇති බවයි."