අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශපාලන අර්බුදයෙන් ජාතික ආර්ථිකයට කෝටි 72,000ක හානියක් ..!

දේශපාලන අර්බුදයෙන් ජාතික ආර්ථිකයට කෝටි 72,000ක හානියක් ..!

IMF -ජපන්,ඇමරිකානු ආධාර අත්හිටුවයි..! ජි.එස්.පී ප්ලස් අනතුරේ..? මත්ස්‍ය තහනම යළි පැන වෙන ලකුණු..! සංචාරක ව්‍යාපාරයට කෝටි 10,000ක මරු පහරක්..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…

IMF -ජපන්,ඇමරිකානු ආධාර අත්හිටුවයි..!

ජි.එස්.පී ප්ලස් අනතුරේ..?

මත්ස්‍ය තහනම යළි පැන වෙන ලකුණු..!

සංචාරක ව්‍යාපාරයට කෝටි 10,000ක මරු පහරක්..!

දේශපාලන අර්බුදයෙන් ජාතික ආර්ථිකයට කෝටි 72,000ක හානියක් ..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කරනු ලැබීමත් සමග ඇති වූ දේශපාලන අර්බුදයෙන් රට අස්ථාවර වීම හේතුවෙන් රටේ ජාතික ආර්ථිකයට මේවන විට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 72,000 ඉක්ම වන බව ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී සිටි ඇමරිකානු ඩොලර් බිලියන 1.85 ක ණය වාරිකය ද ඇමරිකා එක්සත් ජනපදය ලබා දීමට එකඟ වී සිටි ඇමරිකානු ඩොලර් මිලියන 490ක ණය වාරිකය සහ ජපානය ලබා දීමට එකඟ වී සිටි ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක ණය වාරිකයද මේ වන විට තාවකාලිකව අත් හිටුවා තිබේ.      

ශ්‍රී ලංකාවේ උද්ගතවී තිබෙන දේශපාලන අර්බුදය සහ රටේ අස්ථාවර  භාවය හමුවේ විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකා කොටස් වෙළඳ පොළේ කර තිබූ රුපියල් කෝටි 3,000ක සිය ආයෝජන වහාම ක්‍රියාත්මක වන පරිදි  මේ වන විට ඉවත් කර ගෙන ඇත.

මේ මාසයේ ඇතුලතදී පමණක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදුව ඇති බලපෑම රුපියල් කෝටි 10,000ක් වන අතර සචාරක ව්‍යාපාරයට සිදුව තිබෙන  පාඩුව ද රුපියල් කෝටි 10,000ක්  වේ.     

අමෙරිකානු ඩොලරයක් මේ වන විට  රුපියල් 180.00 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබෙන අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාතයට  අනුව මේ වන විට  අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 180.66 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහි ගැණුම් මිල රුපියල් 176.72 ක් ලෙස දැක්වේ.

ගෙවුණු මාසය ඇතුළතදී  පමණක් ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 8 කින් හෙවත් 4.55% කින් ඉහළ ගොස් තිබේ.

මේ වසර ආරම්භයේ සිට මේ දක්වා වූ  කාලයේදී  රුපියලේ අගය  අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 18% කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා  මහ බැංකු  වාර්තා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් “lankanewsweek” වයඹ විශ්ව විද්‍යාලයේ මුල්‍ය සහ කළමනාකරණ පීඨයේ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කර මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන්  පත්කරමින් ව්‍යයවස්ථා ,නීති සහ සදාචාර විරෝධී ඊනියා ආණ්ඩුවක් ඇති කළේ රටේ ජාතික ආර්ථිකය නගා  සිටුවීම  සඳහා යැයි කියමිනුයි.

කෙසේ නමුත්මේ  ව්‍යවස්ථා, නීති සහ සදාචාර විරෝධී   ක්‍රියාවලිය හේතුවෙන් අවසනයෙදී සිදු වුයේ රටේ ජාතික ආර්ථිකය ඉතිහාසයේ කවදාවත් පෙර නොවූ විරූ අයුරින්  දරුණු ලෙසම කඩා වැටි රට අස්ථාවර වී ජනතාව අන්ත අසරණ වීමයි.

මේ තත්ත්වයේ අනිටු ප්‍රතිඵල කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දිගු කාලීන ලෙස රටටත් ජනතාවටත් ඉතාම භයානක ලෙස භුක්ති   විදීමට සිදුවනු නියතයි.

රටේ උද්ගතවී තිබෙන දේශපාලන අර්බුදය සහ අස්ථාවර භාවය හමුවේ “GSP PLUS” බදු සහනය ශ්‍රී ලංකාවට යළි ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳවද, ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනවලට යුරෝපා වෙළඳ පොළේ තව දුරටත් අවස්ථාව ලබා දෙනවද නැද්ද යන්න පිළිබඳවද, යුරෝපා සංගමය ඉතා තීරණාත්මක ලෙස කරුණු සලකා බලමින් සිටිනවා.

මේ අතර මේ “නොවැම්බර්-දෙසැම්බර්” සංචාරක කාල සීමාවේදී ශ්‍රී  ලංකාවේ සංචාරය නොකරන ලෙසට ලෝකයේ ප්‍රධාන සහ දියුණු රටවල් 26ක් සිය ජනතාවට දැනුම් දී තිබෙන බවද වාර්තා වනවා.

මේ අනුව පැහැදිළි වන්නේ දේශපාලන බල තණ්හාව, අරගලය සහ සිය පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් “ මෛත්‍රී-මහින්ද” හවුල රටත් , ජාතික ආර්ථිකයත් , අහිංසක ජනතාවත් උකසට තබා ඇති බවයි.

එදා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව  රුපියල අවප්‍රමාණය වෙද්දී කෑ ගැසූ අය මේ දේශපාලන අර්බදයෙන් පසුව  අවස්ථා ගණනාවකදීම රුපියල තව තවත් අවප්‍රමාණය වෙද්දී නිහඩව සිටින්නේ ඇයි..?

“ශ්‍රී ලංකා-සිංගප්පූරු” වෙළඳ ගිවිසුමට එරෙහිව රටම දෙදරවමින් කෑ මොර දුන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය එම ගිවිසුම සම්බන්ධයෙන් අද සිය මුනිවත රකින්නේ ඇයි..?

 ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන්  ගත් ණය වෙනුවෙන් 2019 ජනවාරි මාසයට අදාළව ගෙවීමට තිබෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ණය වාරිකයෙන් වැඩි ප්‍රතිශතයක් ගෙවීමට මේ ඊනියා ආණ්ඩුව සැලසුම් කර තිබෙන්නේ පැවති නිත්‍යානුකුල ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට බදු දී ලබා ගත් මුදලිනුයි.

එසේ නම් එදා පැවති ඒ ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට බදු දෙද්දී ඊට එරෙහිව රට ගිනි තැබූ අය ඒ මුදලින් මේ ඊනියා ආණ්ඩුව ඒ ණය ගෙවීම ගැන කියන්නේ කුමක්ද..?

මේ අනුව පැහැදිළි වන්නේ මේ රටේ බලලෝහි ,අවස්ථාවාදී, බඩගෝස්තරවාදී සහ දේශද්‍රෝහී දේශපාලකයින්ට රට,රටේ ජාතික ආර්ථිකය සහ ජනතාව ගැන හැගීමක් නොමැති බවයි.

මේ අනුව තව දුරටත් රටේ බුද්ධි ගලනය ඉදිරියේදී වර්ධනය වනු ඇති අතර උගත්, බුද්ධිමත් සහ හදවතක් සහිත දියුණු ජාන ඇති පුර වැසියන් රට හැර යද්දී මේ  දේශපාලකයින් වගේ දුර්වල ජාන තිබෙන රටක්,ජාතියක් ආගමක් ගැන හැගීමක් නොමැති මන්ද මානසික සුළු පිරිසක් මේ රටේ ඉතිරිවීමයි.

ඒ අනුව එවැනි රටක්, ජාතියක්, ආගමක් ගැන හැගීමක් නොමැති දුර්වල ජාන සහිත ඒ සුළු පිරිසෙන් අනාගතයේදී  පැවත එන පරම්පරාව කෙතරම් මන්ද බුද්ධික පිරිසක් වනු ඇද්ද  යන්න පිළිබඳව අපට සිතා ගත හැකියි.

මේ තත්ත්වය හමුවේ  රටේ අනාගත ගැන අමුතුවෙන් යමක් කිව යුතු නොමැති අතර මේ කිසිවකුට ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය, මුතු ඇටය හෝ සාඩම්බරය බවට පත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කිව යුතුයි.

දේශපාලන අර්බුදයෙන් ජාතික ආර්ථිකයට කෝටි 72,000ක හානියක් ..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
දේශපාලන අර්බුදයෙන් ජාතික ආර්ථිකයට කෝටි 72,000ක හානියක් ..! | Lanka Newsweek