අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශපාලකියින් “Blackmail”කරන්න කොමිෂන් වාර්තා යොදා ගෙන..!

දේශපාලකියින් “Blackmail”කරන්න කොමිෂන් වාර්තා යොදා ගෙන..!

(සුමුදු පෙරේරා) සමහර දේශපාලන නායකයින් තමාම හොරුන් යැයි චෝදනා කරන අයටම ආණ්ඩු පිහිටුවීම සඳහා ආරාධනා කිරීමෙන් පැහැදිළි වන්නේ ඒ අය සිය දේශපාලන බලය රැක ගැනීම සඳහා ඒ ඒ පුද්ගලයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා…

(සුමුදු පෙරේරා)

සමහර දේශපාලන නායකයින් තමාම හොරුන් යැයි චෝදනා කරන අයටම ආණ්ඩු පිහිටුවීම සඳහා ආරාධනා කිරීමෙන් පැහැදිළි වන්නේ ඒ අය සිය දේශපාලන බලය රැක ගැනීම සඳහා  ඒ ඒ පුද්ගලයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමට ජනාධිපති කොමිෂන් වාර්තා පාවිච්චි කරන බව යැයි ශ්‍රී ලංකා වමේ කේන්ද්‍රය චෝදනා කර සිටියි.

මේ වාර්තාවල තිබෙන නිර්දේශ පදනම් කර ගෙන නීතිපතිවරයා ඒ ඒ අයට එරෙහිව දණ්ඩ නීතය හෝ සිවිල් නීතිය යටතේ  අධිකරණය හමුවේ නඩු පවරා සාධාරණ සහ අපක්ෂපාතී නඩු විභාගයකින් අනතුරුව අදාළ චූදිතයින් වැරදිකරුවන් බව ඔප්පු කර ඒ අයට එරෙහිව දඬුවම් නියම කරන තුරු කිසිවකු අපරාධකාරයකු ලෙස හංවඩු ගැසීමට කිසිවකුට අයිතියක් හෝ හැකියාවක් නොමැති බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු අධි නීතීඥ ලාල් විජේනායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

දැන්වීම

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සහ බරපත දුෂ,වංච සහ අක්‍රමිකතාවලට  අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා  වාර්තා ඉතා වැදගත් වාර්තා වේ.එම වාර්තා ඉතා ප්‍රවේශමෙන් හදාරා සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් නීතිපති මාර්ගයෙන් අධිකරණය හමුවේ නඩු පැවරිය යුතුය.

එමෙන්ම බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ බලය අව භාවිතය කිරීම සම්බන්ධයෙන් එම වාර්තාවල දක්වා ඇති චෝදනා පිළිබඳව සොයා බලා ඒ සඳහා පාර්ලිමේන්තුව මාර්ගයෙන් ක්‍රියා මාර්ග ගත යුතුය.

එසේ තිබියදී මේ කොමිෂන් සභා වාර්තා  මගින් සිදු කර ඇති නිර්දේශ පා පන්දුවක් ලෙස යොදා ගෙන  දේශපාලන වේදිකාවේදී එමගින්   එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින්   එතරම් වැදගත් වාර්තා 35ක් බාල්දු කිරීමෙන් දැඩි අගතියක් සිදුවේ.

මේ වාර්තාවල තිබෙන නිර්දේශ පදනම් කර ගෙන නීතිපතිවරයා ඒ ඒ අයට එරෙහිව දණ්ඩ නීතය හෝ සිවිල් නීතිය යටතේ  අධිකරණය හමුවේ නඩු පවරා සාධාරණ සහ අපක්ෂපාතී නඩු විභාගයකින් අනතුරුව අදාළ චූදිතයින් වැරදිකරුවන් බව ඔප්පු කර ඒ අයට එරෙහිව දඬුවම් නියම කරන තුරු කිසිවකු අපරාධකාරයකු ලෙස හංවඩු ගැසීමට කිසිවකුට අයිතියක් හෝ හැකියාවක් නොමැත.

මේ කොමිෂන් සභා වාර්තාවල ඇත්තේ අපරාධ සහ සිවිල් නීතිය යටතේ ඒ ඒ අයට එරෙහිව නඩු පැවරිය තු බවටත් යම් අලාභයක් සිදුව ඇත්නම් ඒ මුදල් අදාළ අයගෙන්  අය කර ගත යුතු බවටත් වන නිර්දේශ පමණකි.එසේ නොමැතිව මේ නිර්දේශ මගින් කිසිවකු වැරදිකරුවකු හෝ අපරාධකරුවකු ලෙස තීරණය කිරීමක් හෝ නම් කරනු ලැබීමක් සිදු කර නොමැත.

කෙසේ නමුත් අපේ සමහර දේශපාලන නායකයෝ ඒ ඒ පුද්ගලයින් ඉල්ලක්ක කර ගෙන ඒ අය වැරදිකරුවන් සහ අපරාධකරුවන් යැයි ද මේ අය අවීචි මහා නරකාදියට යන බව ද ඒ අයට සිර දඬුවම් නියත බව ද කිය කියා  මේ නිර්දේශ අවභාවිතය කරමින් සිටිති.

මේ දේශපාලන නායකයින්ගේ මේ ක්‍රියාකලාපය හේතුවෙන් සිදු වන්නේ මේ ඉතා වැදගත් වාර්තා 35 දේශපාලන වේදිකාවේ දේශපාලන මඩ පාර්සල් බවට පත් වී මහා ජනයා එම  වාර්තා දේශපාලන අරමුණු සහිත පදනම් විරහිත නොවැදගත් වාර්තා ලෙස සැලකීමය.

මේ හේතුවෙන් දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිටු දැකීමට රටක් ලෙස අපට තිබෙන මහඟු අවස්ථාව අපට අහිමි වී යනු ඇති අතර මේ තත්ත්වය ඉතා බරපතළ ඛේදවාචකයකි.එමනිසා මේ ඉතා බොළඳ,භයානක සහ පටු දේශපාලන සෙල්ලම වහාම නතර කළ යුතුය.මේ වාර්තාවලට හිමි විය යුතු ගෞරවය,වගකීම සහ වගවීම ආරක්ෂා කර දිය යුතුය.

සමහර දේශපාලන නායකයින් තමාම හොරුන් යැයි චෝදනා කරන අයටම ආණ්ඩු පිහිටුවීම සඳහා ආරාධනා කිරීමෙන් පැහැදිළි වන්නේ මේ අය සිය දේශපාලන බලය රැක ගැනීම සඳහා  ඒ ඒ පුද්ගලයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමට මේ වාර්තා පාවිච්චි කරන බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
දේශපාලකියින් “Blackmail”කරන්න කොමිෂන් වාර්තා යොදා ගෙන..! | Lanka Newsweek