අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දෙයියෝ සාක්කි කන්දකැටියෙත් අයවැය පරාදයි

දෙයියෝ සාක්කි කන්දකැටියෙත් අයවැය පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 4කින් අඟහරුවාදා (12) පරාජයට පත්වුණා.එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 6 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර…

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 4කින් අඟහරුවාදා (12) පරාජයට පත්වුණා.එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 6 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් 10 දෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

පුවතක්.

■ රටේ රාළගේ සටහන.

හැංගි හැංගි වෙස්මූණු බැන්ඳත් එලියේ නටන්න වෙන දවසක් එනවා. මාලිමාවේ බලය පිහිටවු බහුතරයක් ප්‍රාදේශීය සභාවලට දැන් එහෙම වෙලා. විපක්ෂ මන්ත්‍රීවරුන් සල්ලිවලට අරන් රහස් ඡන්දයෙන් පිහිටවා ගත් සභා එකින් එක බිඳ වැටෙනවා.

දැන්වීම

එක පෑත්තකින් සමුපකාර ඡන්ද බින්දුවට පරදිනවා. දැන් වංචනික විදිහට මහජන මතය කොල්ල කමින් පිහිටවූ පලාත් පාලන ආයතනවල අයවැය පරදිනවා. මාලීමාවේ මහ ආණ්ඩුවට සහ පුංචි ආණ්ඩුවවලට හෙනහුරා ලබලා.

එයාලගේම ආයවැය තමයි හෙනහුරා.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න