දෙමළ ජනතා සභාවේ මන්ත්‍රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්‍රිකා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳව හෙට (24) පැවැත්වෙන සාකච්ඡාව සඳහා සහභාගීවන මන්ත්‍රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්‍රිකා බෙදා හැර තිබෙන බව දෙමළ ජනතා සභාවේ…
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳව හෙට (24) පැවැත්වෙන සාකච්ඡාව සඳහා සහභාගීවන මන්ත්‍රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්‍රිකා බෙදා හැර තිබෙන බව දෙමළ ජනතා සභාවේ මන්ත්‍රීවරු සහ ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.
හෙට දින පැවැත්වීමට නියමිත එම රැස්වීමේදී විග්නේෂ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ද නිකුත් කිරීමට නියමිතය.
රැස්වීමේ සියලු කටයුතු සුදානම් කර තිබියදී ඊයේ (22) රාත්‍රියේ මෙම පත්‍රිකා කිහිප දෙනෙකු අතර බෙදා ඇති අතර තවත් පත්‍රිකා යාපන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දමා ගොස් ඇති බව එම පක්ෂයේ මන්ත්‍රීවරු පවසති. මෙම පත්‍රිකාවට දෙමළ ජනතා සභාවේ සම සභාපති වරයෙකු වන වෛද්‍ය පී.ලක්ෂ්මන් මහතාගේ ඡායාරූපයක්ද යොදා ඇති අතර ‘නායකයින්ගේ මාසයේ මහා නැගිටීම, දෙමළ ජනතා පෙරමුණේ නායකයින්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන්න යැයිද සඳහන් කර තිබේ. "නායකයින්ගේ මාසය" යනුවෙන් සඳහන් කර ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු මාසය බවට සැකකරන කරන බව රක්ෂක අංශ සැක පළ කරති. මෙම පත්‍රිකා සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාවේ ප්‍රබල සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, මෙම පත්‍රිකා බෙදා හැර ඇත්තේ හෙට (24) දිනයේ පැවත්වෙන දෙමළ ජනතා සභාවේ රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ දරන පිරිසක් බවකෙසේ වෙතත් විග්නේශ්වරන් මහතා නායකත්වය දරන උතුරු පළාත් සභාවේ ධූර කාලය 24 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් නිමාවීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1