අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දෙකෙන් එකක් බේරා ගන්න ගෝඨා ඇමරිකා යයි..!

දෙකෙන් එකක් බේරා ගන්න ගෝඨා ඇමරිකා යයි..!

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට උත්තර දෙයි..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (07) අලුයම 1.30 ට පමණ හදිසියේම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ. ගෝඨාභය…

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට උත්තර දෙයි..!

දෙකෙන් එකක් බේරා ගන්න ගෝඨා ඇමරිකා යයි..!

(සුජිත් මංගල ද සිල්වා)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (07) අලුයම 1.30 ට පමණ හදිසියේම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ හදිසියේම ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙන්නේ  සිය ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අයදුම්පත්‍රයට අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් කළ කැඳවීමකට අනුවය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා (09) සිට පුරා දින ගණනාවක් මුළුල්ලේ පවත් වන විශේෂ සම්මුඛ පරීක්ෂණ මාලාවකට ගෝඨාභය රාජපක්ෂ මහතා මුහුණදීමට නියමිතව සිටියි.

සිය ඇමරිකානු පුරවැසි භාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබූ අයදුම්පත්‍රයට අදාළව සිදු කෙරෙන මේ කටයුතු ගෝඨාභය රාජපක්ෂ මහතා ද සම්බන්ධ කර ගනිමින් මේ මස 20 වැනිදා දක්වා වූ කාලය ඇතුළත සම්පූර්ණ කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

එම කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා සිදු කෙරන මේ පරීක්ෂණ ඇතුළු නිල කටයුතුවලට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහය පළ කිරීමෙන් අනතුරුව ඉක්මනින්ම යළි දිවයිනට පැමිණීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර සිටියි.

සිය ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදය අවසාන මොහොතේදී පියවර ගත හොත් ඊට අදාළව නීතිමය,රාජ්‍ය තාන්ත්‍රික සහ මානව හිමිකම් පිළිබඳ  ක්‍රියා මාර්ග ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබූ අතර ඔහු ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙන්නේ ඒ සියලු සැලසුම් සහිත පෙර සුදානමකිනි.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ විමර්ශන කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

මේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ සිය ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අයදුම්පත්‍රයට අදාළව ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවශ්‍ය කරුණු සොයා බැලීමටය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දෙකෙන් එකක් බේරා ගන්න ගෝඨා ඇමරිකා යයි..! | Lanka Newsweek