අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි

දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි

දූෂණ විරෝධී පණත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය පියවරක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන්…

දූෂණ විරෝධී පණත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය පියවරක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

රට ආර්ථිකව බංකොලොත් වීමටත් නොයෙක් ආකාරයේ සමාජ අසාධාරණයන්ටත් විවිධ මට්ටමේ සිදු වන දූෂණ බලපාන බව රහසක් නොවේ. බලය ඇති දේශපාලකයන්ට ද නිලධාරින් වෙත ද ඒ පිළිබඳ චෝදනා එල්ල වන අතර විශාල මහජන විරෝධයක් ලෙස දූෂණ මඬින ඉල්ලීම ද අද දැඩිව රට තුළින් මතු වෙයි. 

දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම වැදගත් මෙන්ම තීර්ණාත්මක ද වන්නේ එබැවිනි. අඩුපාඩු ඉදිරියේදී සම්පූර්ණ කර ගන්නා තෙක් හෝ පනත මේ අවස්ථාවේ සම්මත කර ගත යුතු බව අප තරයේ විශ්වාස කරමු සාධාරණ සමාජයකටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකටත් ඉදිරිගාමී රටකටත් ඉහළ සිට පහළටම සිදු වන විවිධාකාර දූෂණ නතර කළ යුතුමය. ඒ සඳහා අවශ්‍ය නීති ඉක්මණින් බලාත්මක කළ යුතුය.

දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීමට පියවර ගැනීම පාර්ලිමේනතුව නියෝජනය කරන සෑම මන්ත්‍රී කණ්ඩායමකටම පැවරෙන, කිසිසේත් මඟ හැරිය නොහැකි ජාතික වගකීමකි. එම වගකීම නොපිරිහෙලා ඉටු කරන්නැයි සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටිමු. මේ පිළිබඳ අඛණ්ඩ අවධානයකින් පසුවීම සාධාරණ සමාජයක් පතන සෑම රට වැසියකුගේම වගකීමක් වන බව ද සිහිපත් කරමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න