අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දූෂණය පිටු දැකීමට විගණකාධිපති ලබා දුන් නිර්දේශ ලක්ෂයක් හමස් පෙට්ටියේ

දූෂණය පිටු දැකීමට විගණකාධිපති ලබා දුන් නිර්දේශ ලක්ෂයක් හමස් පෙට්ටියේ

රජයේ විගණකාධිපතිත් කලකිරිලා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් රජයේ අදාළ බලධාරීන් අවශ්‍ය…

රජයේ විගණකාධිපතිත් කලකිරිලා 

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා  වැළැක්වීම සඳහා රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් රජයේ අදාළ බලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක්  ගෙන නැතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පවසයි. 

විගණකාධිපති  දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම බරපතළ ගැටලුවක් බවත් දෙපාර්තමේන්තුව දෙන නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමට නව නීති රීති ගෙන ආ යුතු බවත් ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

විගණන විමර්ශන පැවැත්වීම සඳහා රජය වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වියදම් කර අතර විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැදී සිටින බව ද රජයේ විගණකාධිපතිවරයා කියා සිටියි.

කළමනාකරණය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ හෝ විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ඇතැම් ආයතන ක්‍රියාත්මක නොකරන තත්ත්වය හමුවේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරවීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සහ මුදල් පිළිබඳ කාරක සභාවේද වගකීමක් වන බව ද හෙතෙම අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දූෂණය පිටු දැකීමට විගණකාධිපති ලබා දුන් නිර්දේශ ලක්ෂයක් හමස් පෙට්ටියේ | Lanka Newsweek