දූදරුවන්ට වරද ගැන කියාදීමේ දී මානුෂීය ක්‍රමවේදයක් සකස් කිරීම යුගයේ අවශ්‍යතාවක් - විපක්ෂ නායක

උත්තේජක පිළිබඳ සහ ඒවාට ඇති තහනම ගැන සාකච්ඡා වන මොහොතේ උත්තේජක තහනම් කිරිම සිදුවන්නේ වැරදි ක්‍රියාවක් නිසා බවත් එහි දී හරි දේ වැරදි දේ තෝරා ගැනීමක් සිදුවන බවත් විශේෂයෙන්ම අප රටේ දරු පරපුර කුඩා කාලයේ…
උත්තේජක පිළිබඳ සහ ඒවාට ඇති තහනම ගැන සාකච්ඡා වන මොහොතේ උත්තේජක තහනම් කිරිම සිදුවන්නේ වැරදි ක්‍රියාවක් නිසා බවත් එහි දී හරි දේ වැරදි දේ තෝරා ගැනීමක් සිදුවන බවත් විශේෂයෙන්ම අප රටේ දරු පරපුර කුඩා කාලයේ සිට සුදුසු දේ නුසුදුසු දේ හරි දේ වැරදි දේ සත්‍ය අසත්‍ය යන කරුණු කාරණා ගැන කුඩා දරුවන්ට අවබෝධය ලබා දීම දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන් ආචාර්යවරුන්ගේ කාර්යභාරය බවත් මේ තුළින් දුවාදරුවන්ගේ වත්මන අනාගතය සහ පැවැත්ම තීරණය වන බවත් අප සැවොම අපේක්ෂා කරන ශිෂ්ට සම්පන්න ජන සමාජයක් නිර්මාණය කිරිමට කුඩා කාලයේ සිටි දුවා දරුවන්ට අවශ්‍ය නිසි මාර්ගෝපදේශකත්වය මගපෙන්වීම හරිවැරදි දේ තේරුම් කිරීම සත්‍ය අසත්‍ය පිළිබඳ අවබෝධය ලබා දීම ගුරුවරුන් දෙමාපියන් විදුහල්පතිවරුන් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම වත්මන් රජය ක්‍රියාත්මක කරන්න අදහස් කරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ දූදරුවන්ගේ හිංසනය යන මාතෘකාව කේන්ද්‍ර කර ගෙන දරුවන්ට හරි වැරදි කුමක්ද කියා තේරුම් කර දීමේ කාර්ය ගැන ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත් හිංසනයට මිලේච්ඡත්වයට දණ්ඩනයට අභිමානය පලුදු කරන ක්‍රියාවලින් අප බැහැර විය යුතු බවත් එය නුසුදුසු සාපරාදී ක්‍රියාවක් වුවත් දෙමාපිය වැඩිහිටි ආචාර්යවරුන්ගේ කාර්යභාරය ගුරුවරුන්ගේ කාර්යභාවරය අද ව්‍යාකූල වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
නීති පද්ධතියේ වෙනස්වීම් ගැන සමාජයේ ලොකු කථිකාවතක් ඇතිවීම නිසා සමහර අවස්ථාවල දරුවා ගුරුවරයාට ඉගැන්වීම අතින් පයින් පවා දැන් සිදුවන බවත් මෙහි බරපතලකම අප හදුනාගත යුතු බැවින් පක්ෂ භේද භින්නවලින් තොරව මේ ගැන හොද කථිකාවතකට ගොස් කෘරත්වය හිංසනය මිලේච්ඡත්වය දරුවන්ට එල්ල කරන ඒ ක්‍රියාදාමයන් සහමුලින්ම බැහැර කර දරුවන්ගේ ගුරුවරුන්ගේ වගකීම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුදුසු නීති පද්ධතියක් ඇති කළ යුතු බවත් එය රටේ ප්‍රතිපත්තිය බවට පත් කිරීම කාලෝචිත බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අද ගුරුවරුන් ඉන්නේ දැඩි කලකිරීමෙන්
තවද ගුරු දිනය සමරණ මොහොත වන විට ගුරුවරුන්ගේ තුනෙන් දෙකක වැටුප් වර්ධක අපේක්ෂා කඩ වී ඇති බවත් ගුරු සෙත ණයවලට ඉහළ පොළියක් පවා අය කරන බවත් කොරෝනා සමයේ සංවර්ධන නිලධාරීන් 16600ක් ගුරු සංවර්ධන නිලධාරින් බවට පත්ව වසර ගණනාවක් පුරා කැපවීම් කළත් අද ඒ අයගේ අයිතිය වෙනුවෙන් මහපාරේ උද්ඝෝෂණය කරන්න සිදුව ඇති බවත් ඒ නිසා තහනම් උත්තේජක ගැන කතා කරන අවස්ථාවේ දූදරුවන්ට තහනම තහංචිය වරද ගැන කියාදීමේ දී මානුෂීය ක්‍රමවේදයක් සකස් කිරීම යුගයේ අවශ්‍යතාව බවත් අප රටේ දරු සම්පත ආරක්ෂා කර නිසි මාර්ගෝපදේශකත්වය ලබා දිය යුතු බවත් දරුවන් වැරදි ප්‍රමාණයේ යනවා නම් වැරදි පෙන්වා දෙන මානුෂීය ක්‍රමවේදය ගැන පුලුල් සංවාදයක් ඇතිවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.