අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"දුෂණය මඩින්න ජනපතිට කිසිවකුගේ ශක්තිය අවශ්‍ය නැහැ"

"දුෂණය මඩින්න ජනපතිට කිසිවකුගේ ශක්තිය අවශ්‍ය නැහැ"

මගේ ගෙදර දුෂිතයින් නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) සිය නිවසේ දුෂිතයින් නොමැති අතර දූෂිතයින්ට කිසිදු ඉඩක් හෝ සමාවක් ද නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා…

මගේ ගෙදර දුෂිතයින් නැහැ..!

(සුජිත් මංගල ද සිල්වා)

සිය නිවසේ දුෂිතයින් නොමැති අතර දූෂිතයින්ට කිසිදු ඉඩක් හෝ සමාවක් ද නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කළේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සමග අරලිය ගහ මන්දිරයේ දී ඊයේ(01) පැවැතු වූ විශේෂ සාකච්ඡාවකදීය.

දැන්වීම

“මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රටට ලැබුණු රුපියල් ට්‍රිලියන 10ක විදේශ  ණයවලින්  රුපියල් ට්‍රිලියන 9ක් ආගිය අතක් නොමැති බවත් ඒ තොරතුරු හෙළි වූයේ විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ සංඛ්‍යා ලේඛණ අනුව බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.කෙසේ නමුත් 2016 මහා බැංකු  බැදුම්කර ගනු දෙනුවට අදාළව  විගණකාධිපති දෙපාර්තුමේන්තුව දුන්  සංඛ්‍යා ලේඛණ නිවැරදි නැති බව එම සිද්ධිය පිළිබඳව කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව පෙනී යනවා. මේ රජය යටතේ රටට ලැබුණු විදේශ ආයෝජන මුදල් ද පුද්ගලික  සමාගම්වලට ගියා කියාත්  චෝදනාවක් එල්ල  කර තිබෙනවා.මේ අතර ජනාධිපතිවරයා දුෂණය මඩින්න ඔබගේ සහයෝගය ඉල්ලා සිටිනවා.මේ සියලු තත්ත්වයන් පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක් ද”? යනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රධාන මැති ඇමතිවරුන් එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරුණු විමසා සිටයහ.

අගමැති රනිල් ව්ක්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලබා දෙමින් එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

“ මේ චෝදනාව එල්ල කර තිබෙන්නේ මුදල් අමාත්‍යංශය පැත්තටයි.මට නම් ආරංචි එවැනි කිසිදු සිද්ධියක් සිදුව නොමැති බවටයි.ඒත් ඒ ගැනත් අප සොයනවා. මගේ ගෙදර දූෂිතයෝ නෑ. දුෂිතයෝ සිටිනවා නම්  ඒ අයට පවතින්න ඉඩක් නෑ. ඒ වගේම දුශිතයින්ට සමවකුත් නැහැ. දුෂිතයින් මඩින්න ජනාධිපතිතුමාට කිසිවකුගේ  ශක්තිය ඕනෙත් නෑ. මම ගමට ගිහින් කියන්නේ මාවත් එකසත් ජාතික පක්ෂයත් ශක්තිමත් කර   ගම හදන්න සහය ලබා දෙන්න කියලයි. ”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"දුෂණය මඩින්න ජනපතිට කිසිවකුගේ ශක්තිය අවශ්‍ය නැහැ" | Lanka Newsweek