දුරකථනය විසන්දි වීමට වැඩි කල් නැහැ

"Ringing Tone" එක මේ වන විටත් අක්‍රීය වෙලා රවී-සජිත්ට අනතුරු අඟවයි රට භාර දිය යුත්තේ කයිවාරුකරයෙකුට ද, වැඩ කාරයෙකුට ද..? තීරණය ඔබ අතේ..! "අපි සියලු දෙනාම රට වෙනුවෙන් එකට එකතු වෙමු. මේ රටේ දුරකථනය…
"Ringing Tone" එක මේ වන විටත් අක්‍රීය වෙලා
රවී-සජිත්ට අනතුරු අඟවයි
රට භාර දිය යුත්තේ කයිවාරුකරයෙකුට ද, වැඩ කාරයෙකුට ද..?
තීරණය ඔබ අතේ..!

"අපි සියලු දෙනාම රට වෙනුවෙන් එකට එකතු වෙමු. මේ රටේ දුරකථනය විසඳි වීමට වැඩි කල් නැහැ. දුරකථනයේ "Ringing Tone" එක මේ වන විටත් අක්‍රීය වෙලා. තව සති කිහිපයකින් අප මේ දුරකථනය සම්පූර්ණයෙන්ම විසන්දි කරනවා" යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්තේ දී පැවති එම පක්ෂයේ මැයි දින රැලියේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
රනිල් වික්‍රමසිංහ මහතා රටේ අභියෝගය භාර ගන්නා අවස්ථාවේ දී විවිධ අවස්ථාවාදී දේශපාලන පක්ෂ අපට චෝදනා එල්ල කරමින් කියා සිටියේ ඔහුට රට ගොඩගැනීමට නොහැකි බවයි. කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රටත් එක්සත් ජාතික පක්ෂයත් ඔසවා තබා ඉදිරියටම ගමන් කරමින් සිටිනවා.
මීට අවුරුදු දෙකකට පෙර මේ රටේ හැම තැනම තිබුණේ පෝලිම් බව කවුරුත් දන්නවා. රට කඩා ගෙන වැටිලා. විදුලිය නැහැ. තෙල් නැහැ. මිනිස්සුන්ට තුන් වේල කන්න නැහැ. කිරිපිටි නොමැතිව දූ දරුවන් අඬමින් සිටියා. රටේ ඩොලර් තිබුණේ නැහැ. සුද්දෝ ආවේ නැහැ. රටට නැව් ආවේ නැහැ. අලුත් දර්ශනයක් සහ වැඩ පිළිවෙළක් ඔස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොඩ ගත්තේ එවැනි රටක් බව කිව යුතුයි.
නමුත් ජීවන වියදම දරා ගැනීම තවමත් පහසු නැහැ. එක්තරා පිරිසක් බංකොලොත් කළ රට යළි ගොඩනැගීමට සිදුව තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටයි. බංකොලොත් කළ රටක් යළි ගොඩනැගීමට විශාල කාලයක් ගත වුණත් හදපු රටක් කඩා වැට්ට වීමට සතියක්වත් ගත වන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂය මේ රටට-ජනතාවට තුන් ආකාරයක රැකවරණයක් ලබා දී තිබෙනවා. ඒ 1948 දී මහාමාන්‍ය ඩී එස් සේනානායක මේ රටට ජාතික නිදහස ලබා දීම, 1977 දී ජේ ආර් ජයවර්ධන විවෘත්ත ආර්ථිකය ඔස්සේ මේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයට ගෙන යාම සහ 2022 දී තනි අලියා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපතිකම ලබා ගෙන බංකොලොත් වී තිබූ රට යළි ගොඩනැගීමයි.
ජනතාව වෙනුවෙන් නව නිවාස 1,50,000ක් ඉදිරි මාසයේ දී ලබා දෙන අතර අස්වැසුම ලක්ෂ 25,00000ක ට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් පරිත්‍යාග කරන අතර රජයේ සේවක සේවිකාවන්ගේ වැටුප් මේ වන විටත් රුපියල් දස දහසකින් වැඩි කර තිබෙනවා. එමෙන්ම දස ලක්ෂයක තරුණ තරුණියන් පිරිසක් ව්‍යවසායකයින් බවට පත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය රට ගොඩනගන්නේ මේ ආකාරයටයි. පම්පෝරි සහ කයිවාරු ගසා රටක් ඉදිරියට ගෙන යන්න හැකියාවක් නැහැ. අමිහිරි වුණත් රටට-ජනතාවට ඇත්ත කියා ඒ ඔස්සේ රට ඉදිරියට ගෙන යාම සැබෑ නායකයෙකුගේ ස්වරූපය බව කිව යුතුයි.
එම නිසා මේ කයිවාරුකරයින්ට යළි රැවටෙන්න එපා. එසේ වුණොත් රට සංවර්ධනය වන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය අභියෝගවලට බිය වන්නේ නැහැ. සැබෑ සහ දක්ෂ නායකයින් බිහි වන්නේ අභියෝගවලට බිය නොවී එම අභියෝග භාර ගෙන ඊට මුහුණ දීමෙන් බව රනිල් වික්‍රමසිංහ මහතා ඔප්පු කර තිබෙනවා.
ජනාධිපතිවරණයේ දී ඔබ තීරණය කළ යුත්තේ මේ රට කයිවාරුකරයෙකුට හෝ සුරංගනා ලෝක මවන්නෙකුට භාර දෙනවා ද, නොඑසේ නම් රටේ අභියෝගය භාර ගෙන එම අභියෝග ජය ගනිමින් ජනතාව ආරක්ෂා කළ පුද්ගලයාට භාර දෙනවා ද යන්න පිළිබඳවයි.
යළි නොවැටෙන ආර්ථිකයක් අපි ගොඩනගමු. රටක් ඉදිරියට ගෙන යා හැක්කේ එවැනි ශක්තිමත් ආර්ථිකයක් ඔස්සේ පමණයි. එල් බෝර්ඩ් කාරයෙකු යොදා ගෙන මේ ගමන අපට ඉදිරියට යා නොහැකියි. අපට "Smart" රජයක් අවශ්‍යයි. සියල්ල නවීකරණය විය යුතුයි.
එසේ නම් අපි එකතු වෙමු. අපේ ශක්තිය අපි කොළඹින් පෙන්වමු. සමස්ත රටෙන් පෙන්වමු. නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණ සටනට එනවා. මේ අවස්ථාවේ දී දේශපාලන පක්ෂ භේද අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාම රට වෙනුවෙන් එකට එකතු වෙමු. මේ රටේ දුරකථනය විසඳි වීමට වැඩි කල් නැහැ. දුරකථනයේ "Ringing Tone" එක මේ වන විටත් අක්‍රීය වෙලා. තව සති කිහිපයකින් අප මේ දුරකථනය සම්පූර්ණයෙන්ම විසන්දි කරනවා.