දුම්රිය තාක්ෂණික නිලධාරීන් අකුරට වැඩ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. සිය ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීමට…
(නිලන්ති චන්ද්‍රසේන)
දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
සිය ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් වර්ජනය ක්‍රියාත්මක කළ බව එහි ලේකම් කමල් පිරිස් මහතා පවසයි.
නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ තමන් ඕනෑම අවස්ථාවක ඔවුන් සමග සාකච්චා කිරීමට සුදානම් බවයි.
කෙසේ වෙතත් මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් නැති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කර සිටි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1