දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අද (27) මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 8.10 ට පමණ රාගම දුම්රිය හරස් මාර්ගයේදී ඔවුන් මෙම අනතුරට ලක්…
අද (27) මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 8.10 ට පමණ රාගම දුම්රිය හරස් මාර්ගයේදී ඔවුන් මෙම අනතුරට ලක් ව ඇති බවයි. දුම්රිය ආරක්ෂිත ගේට්ටු වසා අවදානම් සංඥා දැල්වෙමින් තිබියදීත් ඔවුන් දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇත. මෙහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර පොලිසිය පැවසුවේ මේ වනවිට ඔවුන් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
මියගිය දෙදෙනාගේ සිරුරු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1