දුප්පත්කමදිනපතා වැඩි වෙනවා-ආණ්ඩුව අස්වැසුම කප්පාදු කරනවා-ඒ ඇයි..?

විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි අස්වැසුම වැඩසටහන ආරම්භ වූයේ IMF එකගතාවක් තුළ IMF ක්‍රියාවලිය තුළින් පීඩනයට පත්වන ජනතාවට ලබා දෙන මූල්‍ය සහනයක් ලෙස බවත් 2023 වසරේ දී දිළිදු හා ආර්ථික වශයෙන් අවධානයට…
විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි
අස්වැසුම වැඩසටහන ආරම්භ වූයේ IMF එකගතාවක් තුළ IMF ක්‍රියාවලිය තුළින් පීඩනයට පත්වන ජනතාවට ලබා දෙන මූල්‍ය සහනයක් ලෙස බවත් 2023 වසරේ දී දිළිදු හා ආර්ථික වශයෙන් අවධානයට ලක්වූ පවුල් හඳුනාගෙන ඔවුන් ක්‍රමයෙන් දරිද්‍රතාවෙන් ඉවත් කිරීමේ අරමුණින් අස්වැසුම වැඩසටහන හඳුන්වා දුන් බවත් 2023 වසරේ සිට ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවේ සැලකියයුතු වෙනස්කම් සිදු කර අස්වැසුම කපාහැර ඇති බවත් රටේ දරිද්‍රතාව ඉහළ යන විට 2026 ජුනි මාසයෙන් පසුව ඇතැම් කාණ්ඩ සඳහා ප්රතිලාභ ගෙවීම පවා නතර කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Centre for Poverty Analysis අනුව 30-40%ක ප්‍රමාණයක් අප රටේ දුප්පත් ජනතාව සිටින බවත් මෙම වෙනස්කම් පවුල්වල ආර්ථික තත්ත්වය සැබවින්ම වැඩිදියුණු වීම මත හෝ වැඩසටහනේ අරමුණු ඉටු වීම මත සිදුවූයේද යන්න පැහැදිලි කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී සිකුරාදා (11) ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
දැන්වීම
2023 වසරේ අස්වැසුම වැඩසටහන ආරම්භ කළ දින සිට මේ දක්වා එක් එක් වර්ෂය අනුව ප්රතිලාභ ලැබූ පවුල්, පවුල් අයත් කාණ්ඩය, මාසික ප්රතිලාභ මුදල හා කාලය ඉදිරිපත් කරන ලෙසත් සමෘද්ධි සහනාධාරය දැන් ලබා දෙන ප්‍රමාණය ඉදිරිපත් කරන ලෙසත් ලක්ෂ 16කට මුලින් ප්‍රවර්ග 4ක් යටතේ අස්වැසුම සහනාධාරය ලබා දුන්නත් මේ වන විට ඒ ප්‍රවර්ග වෙනස් වි අස්වැසුම ලබා දෙන ප්රතිලාභ ප්‍රමාණය ද අඩු වී ඇති නිසා මේ කරුණු ගැන සංඛ්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් පැවසීය.
අස්වැසුම වැඩසටහනෙන් ඉවත් කළ පවුල් ගැන සිදු කළ පසුවිපරම කවරේද..?
2023 වසරේ අස්වැසුම යටතේ ප්රතිලාභ ලැබූ පවුල් අතරින් ප්රතිලාභ අහිමිවූ පවුල් සංඛ්‍යාව කාණ්ඩ අනුව ඉදිරිපත් කර එයට හේතු ඉදිරිපත් කරන ලෙසත් අස්වැසුම වැඩසටහනේ අරමුණ ප්‍රතිලාභීන් ක්‍රමයෙන් දරිද්‍රතාවෙන් ඉවත් කිරීම නම් 2023 වසරේ සිට මේ දක්වා ආර්ථික තත්ත්වය ස්ථාවරව වැඩිදියුණු වී ප්රතිලාභ අවශ්‍ය නොවීම නිසා මෙම වැඩසටහනෙන් ඉවත් කළ පවුල් සංඛ්‍යාව ඉදිරිපත් කරන ලෙසත් මෙම පවුල් සම්බන්ධ පසුවිපරම් තක්සේරුවක් කර ඇත්නම් එය සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
අස්වැසුම කප්පාදු කරන්නේ IMF සහ ලෝක බැංකුව කිව්ව නිසාද..?
2026 ජුනි මාසයෙන් පසුව සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට ප්රතිලාභ ගෙවීම නතර කර දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩ පමණක් පවත්වාගෙන යාමට පදනම් වූ නිල ආර්ථික හා දරිද්‍රතා දත්ත ඉදිරිපත් කරන ලෙසත් මේ කාණ්ඩ 4න් සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩ වල අස්වැසුම කපා දැන් කාණ්ඩ 2කට දෙන බවත් මේ දුප්පත් හා අන්ත දුප්පත් යනුවෙන් කාණ්ඩ 2ක් සම්බන්ධ නිගමනයට පැමිණියේ කෙසේද කියා ඉදිරිපත් කරන ලෙසත් මෙය දරිද්‍රතාව අවම වීම නිසා හෝ සමාජ ආරක්ෂණ මුදල් කප්පාදු කිරීම නිසා නැතිනම් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අස්වැසුම කප්පාදු කිරීමට කළ යෝජනාව නිසා ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ පක්ෂ නායකවරයා පැවසීය.
දුප්පත්කමින් ඉවත් ව ඇති බව මැනීමට රජය භාවිත කරන දර්ශක ඉදිරිපත් කරනු
දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩවල ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව කාණ් අනුව ඉදිරිපත් කර එක් එක් කාණ්ඩයට අදාළ මාසික ප්රතිලාභ මුදල හා ප්රතිලාභ ගෙවීම අවසන් මුදල ඉදිරිපත් කරන ලෙසත් තවදුරටත් ප්රතිලාභ අවශ්‍ය වුවද කාණ්ඩයට අදාළ ප්රතිලාභ කාලසීමාව අවසන් වීම නිසා ප්රතිලාභ අහිමි වූ පවුල් සඳහා නැවත සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙසත් 2023 සිට අස්වැසුම ප්රතිලාභ පවුල් සංඛ්‍යාව වෙනස් විමට හේතු සේම ප්රතිලාභ පවුල් සැබවින්ම දුප්පත්කමින් ඉවත් ව ඇති බව මැනීමට රජය භාවිත කරන මැනිය හැකි දර්ශක ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය