අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දිළිදු ජනයා වෙත මුහුණු ආවරණ නොමිලයේ ලබා දෙනු

දිළිදු ජනයා වෙත මුහුණු ආවරණ නොමිලයේ ලබා දෙනු

මුහුණු ආවරණ නොමැති දුප්පතුන් කුදලා ගෙන යාම ප්‍රශ්නයට විසඳුමක් නොවේ ජීවනාධාර ලබන දිළිඳු ජනතාව වෙත මුහුණු ආවරණ නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය වහාම ක්‍රියා කළ යුතු අතර එසේ නොකර…

මුහුණු ආවරණ නොමැති දුප්පතුන් කුදලා ගෙන යාම ප්‍රශ්නයට විසඳුමක් නොවේ 

දිළිදු ජනයා වෙත මුහුණු ආවරණ නොමිලයේ ලබා දෙනු

ජීවනාධාර ලබන දිළිඳු ජනතාව වෙත මුහුණු ආවරණ නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය වහාම ක්‍රියා කළ යුතු අතර එසේ නොකර මුහුණු ආවරණ නොපළඳින දුප්පත් ජනයා පොලීසිය යොදවා කුදලා ගෙන යමින් ඔවුන්ට පරිභව කිරීම ප්‍රශ්නයට විසඳුමක් නොවන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් පාලිත ලිහිණියකුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

දැන්වීම

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් අද වන විට මේ රටේ ජනතාව මහත් වූ පීඩාවකට පත්ව සිටිති. එමගින් වඩාත්ම දුෂ්කරතාවයන්ට මුහුණ දී  ඇත්තේ මේ රටේ අඩු ආදායම් ලාභී ජනතාවය. තමන්ට එදිනෙදා අවශ්‍ය ආහාරපාන පවා සපයා ගත නොහැකිව සිටින ඔවුන්ගෙන් අති බහුතරයක් දෙනා මේ වන විට ගත කරමින් සිටින්නේ අතිශයින්ම දුක්ඛිත තත්ත්වයකට මුහුණ දෙමිනි. 

එවැනි පසුබිමක ඔවුන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා අත්‍යවශයෙන්ම පැළඳිය යුතු මුහුණු ආවරණ සපයා ගැනීම ඔවුන් මුහුණ දී ඇති තවත් අමතර දුෂ්කරතාවයක් බවට පත්ව තිබේ. අද සමාජයේ ඇතැම් පිරිස් මුව ආවරණ නොපළඳමින් සිටින්නේ ඒ හේතුව නිසයි. එම තත්ත්වය අප තේරුම් ගත යුත්තේ හුදු වගකීම් විරහිත ක්‍රියාවන් ලෙසම නොවේ. 

තමන්ට අත්‍යවශ්‍ය මුව ආවරණ සපයා ගැනීමට හැකියාවක් තිබේ නම් ඒ ආකාරයට තම ජීවිත පරදුවට තබා ක්‍රියාකරන්නට ඔවුන් කටයුතු නොකරනු ඇත. ඒ අනුව මුහුණු ආවරණ නොපළඳින සහ ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ පළඳින පිරිස් පිළිබදව රජය ඉතාමත්ම සානුකම්පිතව සොයා බැලිය යුතුව තිබේ. පොලීසිය ලවා බලහත්කාරයෙන් කුදලා ගෙන යාම හෝ ඔවුන් තවදුරටත් පරිභවයට ලක් කිරීම මෙම ගැටලුවට කිසිසේත්ම නොවේ.

එහිදී රජයේ පළමු වගකීම විය යුත්තේ අඩු ආදායම් ලාභී පිරිස් වෙත මුහුණු ආවරණ ලබාදීම සදහා නිසි වැඩ පිළිවෙළක් සකස් කිරීමයි. එහිදී අවම වශයෙන් මේ රටේ සමෘද්ධිලාභී සහ රජයෙන් ජීවනාධාර ලබන පිරිස් වෙත හෝ නොමිලයේ මුව ආවරණ ලබාදීමට වැඩ පිළිවෙළක් සකස් කළ යුතුව ඇත. ඒ සදහා නොපමාව පියවර ගන්නා ලෙස වග කිව යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.

 
 
ප්‍රධාන ලේකම් 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දිළිදු ජනයා වෙත මුහුණු ආවරණ නොමිලයේ ලබා දෙනු | Lanka Newsweek