අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දිවියා වෙනුවෙන් පරිසරවේදීහු නීතියේ පිහිට පතති

දිවියා වෙනුවෙන් පරිසරවේදීහු නීතියේ පිහිට පතති

(නිලන්ති චන්ද්‍රසේන) කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (21) වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටින ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියකු ඉතා අමානුෂික අයුරින් මරා දැමීම කිසිසේත්ම අනුමත කළ…

(නිලන්ති චන්ද්‍රසේන)

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (21) වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටින ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියකු ඉතා අමානුෂික අයුරින්  මරා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවට උතුරේ පරිසරවේදීහු පවසති.

අම්බාල්කුලම් ප්‍රදේශයට පැමිණි මෙම දිවියා ඊයේ (21) දින එම ප්‍රදේශයේදී  එළුවන් පිරිසකට පහර දී පසුව ගම වැසියන්  සිව් දෙනෙකුටද පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අතර පසුව මේ බව දැනුම් දීමෙන් අනතුරුව පැමිණි  වනජීවි නිලධාරීන්  දිවියා ඇල්ලීමට යාමේදී දිවියා එම අවස්ථාවේදී  වනජීවි නිලධාරියකුටද  තුවාල  සිදුකිරීම හේතුවෙන් වනජීවී නිලධාරීන් ද එම ස්ථානයෙන්  ඉවත්ව ගොස් ඇත්තේ දිවියා ඇල්ලීට අවශ්‍ය පිරිස් හා උපකරණ රැගෙන ඒම සඳහාය.

නමුත් වනජිවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්වීමත් සමඟ ප්‍රදේශවාසීන් නැවත දිවියා සෙවීමට ගොස් ඇති අතර  දිවියා  නැවත වරක්  එහිදී තවත් පුද්ගලයින්  පස් දෙනෙකුට  තුවාල සිදු කර ඇත.

මෙම වඳවී යන ආරක්ෂා කරගත යුතු වර්ගයේ සිටින දිවියා යම් කිසි පුද්ගලයකු මරා දමා තිබේනම්  ඔහුට එරෙහිව රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් දඩයක් ද වසර දෙකේ සිට වසර පහක් දක්වා වූ සිර දඬුවමක් ද නියම කළ හැකි බවයි මෙම පරිසරවේදීහු කියා සිටි.

එමෙන්ම කිලිනොච්චිය වනජීවී නිලධාරීන්ද දිවියා ආරක්ෂා කරගැනීමට  නිසි පියවරක් නොගෙන තම රාජකාරි නිසි අයුරින් ඉටු කර නොඅමති බවද පෙනෙන්නට තිබෙන බව පෙන්වා දෙන පරිසරවේදීහු  ඒ පිළිබඳවද නිසි පියවරක් ගන්න බව ප්‍රකාශ කර සිටි.

 මිට අතරව  දිවියා මැරීමට දායක වූවන් වීඩියෝ පරික්ෂා කර හෝ  හඳුනාගෙන  නිතිය ක්‍රියාත්මක කරන බවද පවසා සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දිවියා වෙනුවෙන් පරිසරවේදීහු නීතියේ පිහිට පතති | Lanka Newsweek