අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දිවයිනට කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයිනට කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයිනට මේ වන විට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු,…

දිවයිනට මේ වන විට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය බදාදා (04) සහ බ්‍රහස්පතින්දා (05) වන විට තවදුරටත් වැඩි වන බව පෙන්වා දෙයි.

තවද ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ඉක්මවා ඉතා තද වැසි ඇති වෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරුමැද, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වල මෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සහ යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 50-60 දක්වා තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනයේ සඳහන් කර තිබෙන අතර තද සුළං ඇතිවන අවස්ථාවේදී තද අකුණුද ඇති වන බව පෙන්වා දෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දිවයිනට කාලගුණයෙන් රතු නිවේදනයක් | Lanka Newsweek