අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දිමුත් කරුණාරත්නට පොලිස් ඇප දීම පොලිස්පතිගේ අවධානයට..!

දිමුත් කරුණාරත්නට පොලිස් ඇප දීම පොලිස්පතිගේ අවධානයට..!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන දිමුත් කරුණාරත්න මහතාට පොලිස් ඇප ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ද අවධානයට ලක්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර…

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන දිමුත් කරුණාරත්න මහතාට පොලිස් ඇප ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පොලිස්පතිවරයාගේ ද  අවධානයට ලක්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

තවද ඒ මහතා සඳහන් කරන්නේ බීමතින් රිය පදවා අනතුරක් කිරීම සහ අනතුරට ලක්වූ තැනැත්තා රෝහල් ගත වී සිටීම සැලකිල්ලට ගෙන ඔහුට පොලිස් ඇප ලබා නොදී අධිකරණයට ඉදිරිපත් කළා නම් වඩාත් හොඳ යැයි ද ඒ මහතා කීවේය.

මෙසේ  පොලිස් ඇප ලබා දීමේදී  රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද දැනුම්වත් නොමැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන පොලිසිය සඳහන් කරන්නේ අනතුරට ලක්වූ තැනැත්තා වැඩිදුර විමර්ශන අවශ්‍ය නැති බවට ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.

කෙසේ නමුත් අද  (1) උදේ කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දිමුත් කරුණාරත්න මහතාට දැනුම් දී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දිමුත් කරුණාරත්නට පොලිස් ඇප දීම පොලිස්පතිගේ අවධානයට..! | Lanka Newsweek