අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“දින 100 න් ආර්ථිකය ගොඩනගන්න පුළුවන්”

“දින 100 න් ආර්ථිකය ගොඩනගන්න පුළුවන්”

පෙරහැරේ ඉදිරියෙන් යන්නේ පන්දම් කාරයොයි-බොරු කකුල් කාරයොයි..! (සුජිත් මංගල ද සිල්වා) දින සියයෙන් රටේ ආර්ථිකය ගොඩනගා ජනතාවට සහන සලසා පෙන්වීමට තමාට හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ…

පෙරහැරේ ඉදිරියෙන් යන්නේ පන්දම් කාරයොයි-බොරු කකුල් කාරයොයි..!

(සුජිත් මංගල ද සිල්වා)

දින සියයෙන් රටේ ආර්ථිකය ගොඩනගා ජනතාවට සහන සලසා පෙන්වීමට තමාට හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ,තොටළඟ එක්සත් ජතික පක්ෂ  කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීමේ

උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඔහු වැඩි දුරටත් මෙසේ ද කීය.

“රටේ කඩා වැටී තිබෙන ආර්ථිකය දින 100 න් ගොඩනැගීමේ අභියෝගය භාර ගන්න මම සුදානම්.දක්ෂ නිලධාරීන් සමග එකට එක්ව දේශපාලන නායකත්වය දී ඒ අභියෝගය ජය ගෙන ආර්ථිකය ගොඩනගා ජනතාවට සහන දෙන්න හැකියාව අපට තිබෙනවා.

ජනතාව පීඩාවට පත් කරන  අනවශ්‍ය බදු පැනවීම්වලට මම  තරයේ විරුද්ධයි. මේ වන විට රත්තරං සඳහා පනවා ඇති, 15% බද්ද  අනවශ්‍යයි. ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලකයන් පිටු පස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වයන්ට  මුහුණ දීමට සිදුව තිබෙනවා.

රටේ ආර්ථිකය ගැන ජනතාව අද  විවිධ අදහස් මතු කර තිබෙනවා.දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා, මෙම තත්ත්වය උත්සන්න වෙලා.

අපි කවුරුත් දන්නව පෙරහර ගත්තහම ඒකෙ ප්‍රමුඛත්වය දෙන්නේ කරඬුව වඩම්ම වන හස්තියාට.ඒ හස්තියා ගමන් ගන්නෙ ඒ සඳහා විශේෂයෙන් සකස් කළ පාවඩ මතින්.ඊළඟට ඒ ඒ දේවාලවල නිලමේවරුන්, ගමන් ගන්නා අලි, ඇතුන්.

එහෙත් අද වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. කොහෙවත් ඉන්න පන්දම් කාරයෝ, අලි පැටවුන්, රබන් කාරයෝ, බොරු කකුල් කාරයෝ තමා පෙරහරේ ඉදිරියෙන්ම යන්නේ. රටේ වත්මන් තත්ත්වයත් මෙවගේ තමා. අතිගරු ජනාධිපති තුමාත්, ගරු අගමැතිතුමාත් රටේ ආර්ථිකය හදන්න දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක, ඒ ගමනට බාධා කරන දෙතුන් දෙනෙක් ඉන්නව. ඒක අපේ නායකයින් දෙපළ අවබෝධ කර ගෙන ඇති බව මම හිතනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“දින 100 න් ආර්ථිකය ගොඩනගන්න පුළුවන්” | Lanka Newsweek