දින හතරක් පැවති හැළඹ වැව ගොවි උපවාසය මනූෂගේ මැදිහත්වීමෙන් නිම වෙයි

අය වැයෙන් මුදල් වෙන් කරන බවට සහතිකයක් ජනපතිගේ අවධානයටත් යොමු කිරීමට පියවර දින හතරක් පුරා ජල ප්‍රශ්නයක් මුල් කර ගෙන වැලිඔය හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ…
අය වැයෙන් මුදල් වෙන් කරන බවට සහතිකයක්
ජනපතිගේ අවධානයටත් යොමු කිරීමට පියවර
දින හතරක් පුරා ජල ප්‍රශ්නයක් මුල් කර ගෙන වැලිඔය හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නනායකකාර මහතාගේ මැදිහත් වීමෙන් සෙනසුරාදා (04) අවසන් කිරිමට එම ගොවි සංවිධානය එකඟ විය.
තමන්ගේ ජල ගැටලුවට විසඳුමක් කිසිදු පාර්ශවයකින් නොලැබුණ බව හැළඹ වැව ගොවීහූ සෙනසුරාදා (04) මුලතිව් හි පුදුකුඩීඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේ පැවති ''ජයගමු ශ්‍රි ලංකා" ජනතා ජංගම සේවයට සහභාගී වෙමින් සිටි අමාත්‍ය මනූෂ නානායකකාර මහතා හමුවී පැවසූහ.
මේ පිළිබදව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අදාළ විශය භාර අමාත්‍යතුමියගේ අවධානය යොමු කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නනායකකාර මහතා කටයුතු කළේය.
දැන්වීම
ඒ අනුව එම ස්ථානයට සෙනසුරාදා (04) රාත්‍රියේම පැමිණි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, වන ජීවී, වනසංරක්ෂණ සහ වාරි මාර්ග ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග මෙම තත්ත්වය දුරකථනයෙන් සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවේ දී හැළඹ වැව ගොවි ජනපදය තෙක් යාන්ඔය වාරි ජලය ගෙන ඒමට අවශ්‍ය රුපියල් මිලියන 225ක් වන මුදල ඉදිරි අය වැය මගින් වෙන් කිරීමටද සහතික විය.
මේ බව අමාත්‍ය මනූෂ නානානායක්කාර මහතා විසින් හැළඹ වැව ගොවි සංවිධනයේ සාමාජිකයන්ට දැන්වීමෙන් අනතුරුව ඔවුන් තම විරෝධතාවය අවසන් කිරිමට එකඟ විය. ඒ අනුව ගොවි සංවිධානයේ සභාපතිවරයා සිය උපවාසය අතහළ අතර තම ගැටලුවට අදාළ සියලු ලේඛණ අමාත්‍යවරයාට භාර දී, ඒවා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානයට ලක් කරනා ලෙස ඉල්ලා සිටියේය. ඉක්මනින් මේ සදහා මුදල් වෙන් කිරීමට ඇති හැකියාව පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ගොවි පවුල් තුන්සීයක් පමණ හැළඹ වැව ගොවි ජන පදයේ පදිංචි කරනා ලද අතර මේ වන විට පවුල් දෙසීයයක් පමණ එම ජනපදයේ ජීවත් වෙති.
යාන්ඔය ව්‍යාපාරය යටතේ එම ගොවීන්ට වාරි ජලය ලබාදීමට නියමිතව තිබුණ නමුත් විවිධ හේතූන් මත වාරි ජලය ලබාදීම නිසියාකාරව සිදු නොවූ බව ගොවීහු චෝදනා කරති. එම තත්ත්වය මත ගොවි පවුල් 200 කට පමණ වාරි ජලය නොලැබි යාමෙන් ඔවුනගේ වගාවන් කර ගත නොහැකි තත්ත්වයක් ඇති විය.
එම තත්ත්වය මත යාන්ඔය ව්‍යාපාරයෙන් තමන්ට වාරි ජලය ලබා දෙන ලෙස හැළඹ වැව ජන පදයේ ගොවියන් වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටි අතර ඊට අදාළ ඇස්තමේන්තුව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය ඇමති කාදර් මස්තාන්ගේ මැදිහත්වීමෙන් සකස් කර තිබුණි.
එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිට ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයට යාන්ඔය ව්‍යාපාරයේ ජලය ගෙන යාම දිනෙන් දින පමා වූ අතර ගොවි සංවිධාන විසින් ඊට කලක සිට විරෝධතාවය දක්වමින් සිටිනා ලදි. තම ගම්මානයට සමීප දුරකට යාන්ඔය ව්‍යාපාරයෙ ජලය පැමිණ ඈති බවත්, ඉතිරි කිලෝ මීටර් හතරක දුර ජලය ගෙන ඒමට වැය වන්නේ රුපියල් මිලියන 225 ක මුදලක් බවත් හැළඹ වැව ජනපදයේ ගොවියෝ පෙන්වා දුන්හ.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙලෙස මැදිහත් වී විසඳුවේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදී තිබූ විශාල ගොවි ගැටලුවකි.