දිනකදී වැඩිම කොවිඩ් මර්දන එන්නත්කරණය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර ඇත්තේ අඟහරුවාදා(13) දිනයේදී පුද්ගලයින් 337,445ක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවය. එය…
(හේමන්ත තුසිත කුමාර)
ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර ඇත්තේ අඟහරුවාදා(13) දිනයේදී පුද්ගලයින් 337,445ක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවය. එය මෙතෙක් දිනයක දී සිදුකල වැඩිම කොවිඩ් මර්දන එන්නත්කරණයයි. ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 289,122ක් සඳහාත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 32,385 ක් සඳහාත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,202ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 700ක් ද කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 36ක් ද ලබාදී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1