අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දිගු කලක් පවතින කොවිඩ් ආසාත්මිකතා 9 ක් ගැන නවතම අධ්‍යයන වාර්තාව

දිගු කලක් පවතින කොවිඩ් ආසාත්මිකතා 9 ක් ගැන නවතම අධ්‍යයන වාර්තාව

(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්වා පැවතිය හැකි පසුකාලීන රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති…

(හේමන්ත තුසිත කුමාර)

කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්වා පැවතිය හැකි පසුකාලීන රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

නව අධ්‍යයනයකින් ඒ බව අනාවරණය වී ඇති බව ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම, 8%, උදර රෝග ලක්ෂණ, 8% , මානසික අවපීඩනය, 15% , පපුවේ සහ උගුරේ වේදනාව, 6% , සංජානන ගැටළු, 4% , තෙහෙට්ටුව, 6% , හිසරදය, 5% , මාංශපේශීවේදනාව 1.5% , වෙනත් වේදනාවන් 7% වශයෙන් අදාළ රෝග ලක්ෂණ හඳුනාගෙන තිබේ.

මේ රෝග ලක්ෂණ බොහොමයක් කාන්තාවන්ට ඇතිවන අතර දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය විද්‍යාවට අභියෝගයක් බවද හෙතෙම සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දිගු කලක් පවතින කොවිඩ් ආසාත්මිකතා 9 ක් ගැන නවතම අධ්‍යයන වාර්තාව | Lanka Newsweek